×

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් ලංකාවට ඇ.ඩො. මිලියන 15 ක අනුග්‍රහයක්

ශ්‍රී ලංකාව සමග පවතින බෞද්ධාගමික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක අනුග්‍රහයක් ලබාදීමට ඉන්දීය අගමැති මෝදි එකඟ වී තිබේ.


මේ බව නිවේදනය කරනු ලැබුවේ ඉන්දියානු අග්‍රමාත්‍යවරයා සහ ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා අන්තර්ජාලය හරහා පවත්වනු ලැබූ සමුළුවේදී ය. එම සමුළුව අසල්වැසි රටක් සමග ඉන්දියාව වර්චුවල් තාක්ෂණය හරහා පවත්වනු ලැබූ පළමු සමුළුව ද විය.

දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම යටතේ දෙරටේ පුරවැසියන්ගේ සම්බන්ධතා ගැඹුරු කිරීමට මුල් තැනක් ලැබෙනු ඇත. සෙසු කරුණු අතර බෞද්ධ ආශ්‍රමයන් ඉදිකිරීම/ ප්‍රතිසංස්කරණය, ශක්‍යතා වර්ධනය, සංස්කෘතික හුවමාරු, භූ ගෝලීය සහයෝගය, ධාතූ ප්‍රදර්ශන, බෞද්ධ ශිෂ්‍යත්ව වැඩි කිරීම සහ භික්ෂුන් වහන්සේලාට සහයෝගය ලබාදීම ද ඇතුළත් ය.

කුෂිනගර් වෙත පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැගත් පළමු ගුවන් යානය සඳහා ඉන්දියාවෙන් රාජ්‍ය දූත පිළිගැනීමක් ලබාදීමට ද එහිදී සාකච්ඡා විය. පසුගියදා කුෂිනගර් ගුවන් තොටුපොළ අන්තර්ජාතික ගුවන් තොටුපොළක් බවට පත් කරනු ලැබුවේ ද බෞද්ධ පුදබිමක් වශයෙන් එහි පවතින වැදගත්කම පිළිගැනීමට ලක් කරමිනි.

ආරක්ෂාව සහ ත්‍රස්ත මර්දනය ගැනත් විශේෂ අවධානයක්

දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී ද්වීපාර්ශවික ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ද සෑහීමට පත් වූ බව වාර්තා වේ.

සමුළුවෙන් පසුව නිලධාරීන් දැනුම් දුන්නේ මෙයට අමතරව දෙරටේ සමුද්‍රීය සහයෝගය වැඩිදියුණු කිරීම සඳහා නිලධාරීන් හුවමාරුව වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කර ගැනීම සඳහා සහයෝගය ලබාදීමටත් ඉන්දියාව එකඟ වූ බවයි.

ත්‍රස්ත මර්දන පරිශ්‍රමයන් සහ කලාපීය මත් උවදුර මර්දනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි