×

යුක්රේනයේ ධාන්‍ය සොරකම් කරන බවට රුසියාවට චෝදනා ..

“ඔවුන් අපේ ධාන්‍ය සොරකම් කළා, ඔවුන් අපේ පරිසරය විනාශ කළා, අපේ උපකරණ විනාශ කළා."


රුසියානු හමුදා විසින් යුක්රේනයේ අත්පත් කර ගන්නා ලද ප්‍රදේශ වල දේශීය ගොවීන්ගෙන් ධාන්‍ය සහ අනෙකුත් නිෂ්පාදන ක්‍රමානුකූලව සොරකම් කර ඇති බවට චෝදනා එල්ලවෙමින් තිබේ. එම ප්‍රදේශවල ගොවියන් BBC වෙත කියා තිබුණේ “ඔවුන් අපේ ධාන්‍ය සොරකම් කළා, ඔවුන් අපේ පරිසරය විනාශ කළා, අපේ උපකරණ විනාශ කළා.”යනුවෙනි.

රුසියානු හා යුක්රේන BBC වාර්තාවන්ට අනුව රුසියානුවන් යුක්රේන ගොවීන්ට වෙළඳපල මිලට වඩා බෙහෙවින් අඩු මිලකට ධාන්‍ය විකිණීමට බල කර තිබේ, එය නීත්‍යානුකූලව මිල දී ගත් බව ඔප්පු කිරීමට ලේඛනවලට අත්සන් ද ලබාගෙන තිබේ. මේ පිළිබඳ යුක්රේන ගොවියන් BBC වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට විකල්පයක් නොමැති නිසා අඩු මිලට ලබා ගැනීමට සිදුව ඇති බවයි. ඉමේ තත්වය සම්බන්ධයෙන් BBC විසින් ධාන්‍ය යන්නේ කොතැනටද යන්න සොයා බැලීමට චන්ද්‍රිකා ඡායාරූප සහ නැව්ගත කිරීමේ දත්ත විශ්ලේෂණය කර ඇත. ජාත්‍යන්තර නීති නීතීඥවරියක වන එමිලි පොට්ල් BBC පැවසුවේ මෙම ක්‍රියාවන් ජිනීවා සම්මුතිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) රීති උල්ලංඝනය කරන බවයි.

මේ වන විට යුක්රේනයේ ගොවිතැන් කරන හෙක්ටයාර දස දහස් ගණනින් 80%ක් රුසියානු හමුදා අත්පත් කරගෙන සිටියි. ඔවුන් විසින් ධාන්‍ය සහිත ට්‍රක් රථ සොරකම් කර ඇති අතර GPS දත්ත වලට අනුව, ඒවා ක්‍රිමියානු නගරයක් වන Oktyabrske බලා ගමන් කෙරේ. එම ස්ථානය ධාන්‍ය බෑම සහ ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. මෙහි සිට රුසියාවට හෝ දකුණු ක්‍රිමියාවේ වරායට ධාන්‍ය ප්‍රවාහනය කිරීමට භාවිතා කළ හැකිය. බොහෝ ට්‍රක් රථ යුක්රේන ගොවීන්ගෙන් ලබාගත් ධාන්‍ය හෝ සූරියකාන්ත බීජ වැනි වෙනත් නිෂ්පාදන රැගෙන යයි. Dzhankoi සිට දුම්රිය සෙවාස්ටොපෝල් සහ කර්ච් වරායන්ට සම්බන්ධ කර ඇති අතර එහිදී නිෂ්පාදන රුසියාවට හෝ විදේශයකට ගෙන යා හැකිය. මෙලෙස ගෙන යන ධාන්‍ය රුසියන් ධාන්‍ය සමඟ මිශ්‍ර කර සිරියාවට හෝ තුර්කියට යවන බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කර තිබේ.

තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu පවසා ඇත්තේ යුක්‍රේන ධාන්‍ය තුර්කියට නැව්ගත කිරීම පිළිබඳ ප්‍රකාශයන් විමර්ශනය කර ඇති අතර මෙතෙක් කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බවයි. ”නැව්වල පිටවීමේ වරාය සහ භාණ්ඩවල මූලාරම්භය රුසියාව බව අපි දුටුවෙමු,” ලෙසයි ඔහු පවසා තිබුණේ. එක්සත් ජනපද සහ යුක්‍රේන බලධාරීන් සහ මාධ්‍ය වාර්තා විසින් සොරකම් කරන ලද යුක්‍රේන ධාන්‍ය පිටරටට ප්‍රවාහනය කළ බවට විශ්වාස කෙරෙන නැව් නවයක් නම් කර ඇත.BBC අප්‍රේල් මාසයේ සිට ක්‍රිමියාව සහ තුර්කියේ සහ සිරියාවේ වරායන් අතර ගමන් කිරීමේදී මෙම නැව් නිරීක්ෂණයට හසු වී ඇත.

මේ වන තෙක් රුසියානු බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂප කර නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි