×

යුරෝපයට උණුසුම් සති අන්තයක් සමඟ ලැව්ගිණි අවදානමක්

අධික උෂ්ණත්වය හා වියලි කාලගුණය හේතුවෙන් බටහිර මධ්‍යධරණී කලාපය පුරා ලැව්ගිණි අවධානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. මේ වන විට ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති අතර ජර්මනිය සෙල්සියස් අංශක 38 අගයක් වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ජනයා නන්දෙස වූ උද්‍යාන හා තටාක වෙත රොක් වෙමින් ඇත. ප්‍රංශය 1947 වසරේ වාර්තා ආරම්භ වූ […]


අධික උෂ්ණත්වය හා වියලි කාලගුණය හේතුවෙන් බටහිර මධ්‍යධරණී කලාපය පුරා ලැව්ගිණි අවධානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.
මේ වන විට ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති අතර ජර්මනිය සෙල්සියස් අංශක 38 අගයක් වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ජනයා නන්දෙස වූ උද්‍යාන හා තටාක වෙත රොක් වෙමින් ඇත.

ප්‍රංශය 1947 වසරේ වාර්තා ආරම්භ වූ දා සිට රටේ මුල්ම වාර්තාගත තාප තරංගය අත්විඳිමින් සිටින බව එහි කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි. ඉතාලියේ ගොවීන් ඔවුන්ගේ අස්වැන්න කෙරෙහි නියඟයේ බලපෑම ගැන අනතුරු ඇඟවීය.පෝ ගඟේ ජල මට්ටම හතරෙන් තුනකින් පමණ පහත වැටී ඇත. මීට අමතරව ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රදේශවල, ප්‍රංශයේ රෝන් ගංගා නිම්නයේ, සාඩීනියාවේ, සිසිලියේ සහ ඉතාලියේ ප්‍රධාන භූමියේ සමහර ප්‍රදේශවල ලැව්ගිනි අවදානමක් ඇති බව යුරෝපීය කොමිසමේ කොපර්නිකස් හදිසි කළමනාකරණ සේවය විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනයා දැනුවත් කර තිබේ. මෙම ග්‍රිස්මයේදී ලැව්ගිණි අවධානම් සහිත රටවලට සහය වීම සඳහා ජාතීන් 27කින් සමන්විත කණ්ඩායම ගිනි නිවීමේ ගුවන් යානා 12ක් සහ හෙලිකොප්ටරයක් ​​සූදානම් කර ඇත.

මේ තත්වය පිළිබඳ ප්‍රංශයේ කාලගුණ විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර තිබුණේ ගිගුරුම් සහිත වැසි අත්ලාන්තික් සාගරයේ සිට සිසිල් කාලගුණයක් ගෙන ඒමට පෙර සෙල්සියස් අංශක 43ක උපරිමයකට ළඟාවිය හැකි බවයි. මීට අමතරව කාලගුණය හා දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රවීනයන් විසින් සඳහන් කර ඇත්තේ ජූලි සහ අගෝස්තු මාසවල පමණක් දැකිය හැකි ආන්තික උෂ්ණත්වය ජුනි මාසයේදී සිටම වර්ධනය වීම ඉදිරියේදී සිදුවීමට නියමිත බරපතල තත්වයකට සළකුණක් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි