×

යූරෝපීය රජ පවුල් ගැන නොඇසෙන කතා

බ්‍රිතාන්‍යයේ විචිත්‍රවත් සම්ප්‍රදාය මේ වන විට ලොව පුරා පුවත් මවමින් තිබේ.


ඊට සාපේක්ෂව ස්පාඤ්ඤයේ සිට බෙල්ජියම දක්වාත්, නෝර්වේ සිට නෙදර්ලන්තය දක්වාත් රාජකීය පෙළපත් නවීකරණය වීම අරඹා ඇත. එහි බලපෑම අඩු වැඩි වශයෙන් ඔවුනට බලපෑ ආකාරය එකිනෙකට සාපේක්ෂව වෙනස්ය. රාජාණ්ඩු පැවැති රටවල පවා ”සියල්ලට වඩා නීතිය උත්තරීතරව” ඇත. රජ පවුලක වූවත් වරදට දඬුවම හිමිවනු ඇත. මෙමගින් ලෝකය හැඩගස්වන ගෝලීය සිදුවීම් නිරීක්ෂණය කිරීමටත්, මිනිසුන්ට සහ ප්‍රජාවන්ට ඔවුන්ගේ බලපෑම තේරුම් ගැනීමටත්, අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹවීමටත් බලපෑමක් කළ හැකිය.

නිහතමානී රාජාණ්ඩුවේ ආදර්ශයක් වශයෙන් හඳුනා ගන්නා ස්පාඤ්ඤ රාජකීය පවුල ජුවානා කාලෝස් යටතේ ආඥාදායක පාලනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට සිය දිශානතිය හරවා ඇත. ඒ වෙනුවෙන් ඔහු නිරන්තර ප්‍රශන්සාවට ලක් වේ. 2008 වසරේ සිට රට දැඩි ආර්ථික පරිහානියකට ලක්වීම හේතුවෙන් රාජාණ්ඩු පාලනයට පැවැත් ජනප්‍රියතාවද කෙමෙන් ගිලිහෙමින් පවතියි. ඊට ප්‍රධානතම හේතුව කාලෝස් ලෝකය පුරා සෆාරි යාම රටවැසියන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතු වීමයි. එමෙන් ම 2020 සෞදි අරාබියෙන් යුරෝ මිලියන 6.7 ලබා ගැනීමේ චෝදනාවක් ඔහුට එල්ල වේ. එය මදීනා සිට මක්කම දක්වා අධිවේගී දුම්රිය මාර්ගයක් සෑදීමේ අරමුණෙන් ඔහු මැදිහත් වූ ව්‍යාපෘතියකි. මෙය සැලවීමත් සමඟ ඔහුට ලැබුණ රාජකීය දීමනා සියල්ල නතර විය. මේ වන විට මේ පිළිබඳ පර්යේෂණ කල්දමා තිබුණද නීතිමය ගැටලු අවසන්ව නොමැත. මීට අමතරව රජුට විරුද්ධව ලන්ඩන් මහාධිකරණයේද චෝදනා එල්ලව ඇත. එනම් ඔහුගේ සිටි පෙම්වතිය ඔහුගෙන් වෙන්ව යාමත් සමඟ ඇය හා ඇගේ දරැවන් ඉලක්ක කරගෙන ස්පාඤ්ඤ ඔත්තු බැලීමේ ඒජන්සි යෙදවීමයි. මීට අමතරව කාලෝස් ගේ බාල දියණිය වන ක්‍රිස්ටිනා කුමරිය හ ඇගේ සැමියාට බදු පැහැර හැරීම හා වංචා කිරීමේ චෝදනා ද එල්ලව ඇත. රජ පවුලේ තිබූ ශ්‍රී විභූතිය කෙමෙන් වියැකෙමින් ඇත.

නෙදර්ලන්තයේ විලියම් ඇලෙක්සැන්ඩර් රජුගේ හා රාජකීය පවුලේ තත්වය ද යහපත් නැත. කොරෝනා සමයේ රජුගේන් සිදු වූ වැරදි මාලාවක් හේතුවෙන් ඔහුගේ ජනප්‍රියතාවය බිඳ වැටෙමින් ඇත. 2020 වසරේ ඔක්තෝම්බර් මස අනාගත රැජිණ අමාලියා කුමරිය සිය 18 වන උපන්දිනය ආරාධිතයන් පිරිවරා පැවැත්වීම ජනයාගේ දෝශ දර්ශනයට ලක් ‌විය. නමුත් අමාලියා කුමරිය සිය අධ්‍යාපනයෙන් අනතුරුව සිය වියදමින් යුරෝ මිලියන 1.6 මුදලක් අතැර දමා ඇති අතර විලියම් ඇලෙක්සැන්ඩර් රජු වඩාත් සුවපහසුව තනවන ලද බලකොටුවක් යුක්රේන සරණාගතයන් වෙත ලබා දී තිබේ.

”ඩෙන්මාර්ක්හි ඩේසි” ලෙස අතිශය ජනාදරයට පත් ii වන මාග්‍රේත් රැජින පසුගිය දා සිය 82වන ජන්ම දිනය සැමරූ අතර, ඒත් සමඟ ඇය කිරීමට දරා වසර 50ක්ද ගතවී තිබිණ. ඇය මේ වන විට වගකීම් පිළිබඳ වග වෙමින් අතිශය කීර්ති නාමයක් රඳවා ගැනීමට ඇය පොහොසත්ව ඇත.

සිවීඩනයේ කාල් ගුස්ටාක් වයස අවුරුදු 27 දී සිහසුන දැරූ ලොව ළාබාලතම රජුය. ඔහු වේගවත් මොටර් රථ වෙනුවෙන් තදින් ඇලුම් කරන්නෙකි. 2010 වසරේ එළි දැක්වෙන ඔහුගේ චරිතාපදානයෙන් අනතුරුව ඔහු ලිංගික සමාජ ශාලා සැරිසරන්නෙකු බවත්, ස්වීඩන් ගායකයෙකු සමඟ සබඳතා පවත්වන්නකු බවටත්, චෝදනා එල්ල විය. ඒ කිසිවත් ප්‍රතික්ෂප නොකළ කාල් ගුස්ටාක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ සිය බිරිඳ වන ”සිල්වියා රැජින පිටුව පෙරලූ බවයි”. ගුස්ටාව් රාජාණ්ඩුව විවිධ නවීකරණයන්ට ලක්ව ඇති අතර ඔහුගේ දියණිය වන වික්ටෝරියා කුමරිය ඇගේ පුද්ගලික පුහුණුකරු හා විවාහ වී ඇති අතර ඇයගේ සහෝදර පිලිප් කුමරු නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වන අතර ඔහු රියැලිටි ටී වී තරඟකරුවකුද වේ. මොවුන් දෙදෙනාම LGBT ව්‍යාපාරයේ හා ආබාධිත දරුවන් වෙනුවෙන් ක්‍රියාදරයන් ය.

නෝර්වේ හි හැරල්ඩ් රජුද වතු ප්‍රතිසංස්කරණ ඇති කරමින්, උසාවි පවත්වාගෙන යන ආකාරය වෙනස් කරමින්, නව නවීකරණ රැසක් සිය රාජාණ්ඩුවට එක් කර තිබේ. සාමාන්‍ය පවුලක සොන්ජා නම් තරුණියක් විවාහ කර ගනිම්න් සම්ප්‍රදායන් බිඳ දැමීමට සමත්ව තිබේ. මොහු ඔක්ස්ෆර්ඩ්හි අධ්‍යාපනය ලැබූවකි. ඒමෙන්ම ඔලිම්පික් තරඟාවලියේදී තරඟ තුනකදී යාත්‍රා ඉසව්වෙන් සිය රට නියෝජනය කළ අයෙකි. මොහු සැබවින්ම ජාතික අර්බුදකාරී අවස්ථාවල ක්‍රියාදරයෙක් විය. 2011 එල්ල වූ Anders Behring Breivik ප්‍රහාරයෙන් පුදුගලයන් 77ක් මිය ගිය පසු ඔහු කියා සිටියේ, ”භීතියට වඩා නිදහස ශක්තිමත් බවයි. මේ අවස්ථාවේ එකට සිටීම වඩාත් හොඳ බවත්, ජාතියේ රජු ලෙස මා හට ඔබ සෑම කෙනෙකුම දැනෙන බවත්”, ඔහු ප්‍රකාශ කර තිබිණ. ඔහු විසින් සරණාගතයන්, ආගමික විවිධත්වයන්, LGBT ව්‍යාපාරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර එය ලෝකයේම පුළුල් පැසසුමට ලක්ව ඇත.

වර්තමාන බෙල්ජියම් රජු වන පිලිප් රජු ද භාෂාමය රේඛා ඔස්සේ කැඩී ගිය රටක් එක්සත් කිරීම වෙනුවෙන් සිය රාජාණ්ඩුව මෙහෙයවමින් සිටියි. ජාතික මැතිවරණයෙන් පසු බහු පක්ෂ සභාගයක් ඇති කිරීම වෙනුවෙන් ඔහු පක්ෂ නායකයන්ට සිය මාලිගයටම ආරාධනා කර තිබේ. එමෙන්ම බෙල්ජියම් යටත් විජිත පාලන සමයේ කොංගෝවට සිදු වූ ප්‍රචණ්ඩත්වයන් හා ම්ලේච්ජවයන් වෙනුවෙන් රජු සිය කණගාටුව ප්‍රකාශ කර ඇත. නමුත් මේ වන විට පිලිප් රජුගේ වැඩිමහලු දියණිය වන එලිසබත් කුමරිය දෙස රාජකීය නිරීක්ෂකයන් අපේක්ෂා දල්වා ගනිමින් සිටිනු වාර්ථා වේ. ඇය මේ වන විට ඔස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලනය හදාරණ ශිෂ්‍යාවකි. රාජකීය නිරීක්ෂකයන් බලාපොරොත්තු වන්නේ එලිසබත් කුමරිය සමඟ බෙල්ජියමේ පළමු කාන්තා රාජාණ්ඩුව ඇරඹෙනු ඇති බවයි.

සමාජ හා සංස්කෘතික වශයෙන් රාජාණ්ඩුවල පැවැති සාමාජයීය, ආධ්‍යාත්මික මෙන්ම ද්‍රව්‍යාත්මක හා ශිෂ්ට බව යන සංකල්ප එක් ආකාරයක සිට වෙනත් ආකාරයකට පරිවර්ථනයේදී සිදුවන වෙනස්වීම හේතුවෙන් රාජාණ්ඩුවල තත්වයන් යම් චල්‍යතාවයකට ලක්ව ඇත. එහි සාර්ථක හා අසාර්ථක බව කුමක් වුවත්, එය සිදුවිය යුතු ලෝක ක්‍රමයේ කොටසකි.

සශිකලා මධුෂාණී

ඡායාරූපය: UsefulCharts YouTube



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි