×

රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ නගර තුනක විදුලිය හා ජලය ඇණ හිටියි

Kyiv, Desnyansky මෙන්ම Dnipro ආදී ප්‍රධාන නගරවල මෙලෙස විදුලිය හා ජලය ඇණහිට ඇත.


යුක්රේනයේ බලශක්තිය සහ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර හමුවේ මේ වන විට ප්‍රධාන නගර තුනක විදුලිය හා ජලය ඇණහිට ඇති බව යුක්රේන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව Kyiv, Desnyansky මෙන්ම Dnipro ආදී ප්‍රධාන නගරවල මෙලෙස විදුලිය හා ජලය ඇණහිට ඇත.

දිගින් දිගටම යුක්රේනයේ යටිතල පහසුකම් හා බලශක්ති මූලාශ්‍ර ඉලක්ක කරගෙන එල්ල වන දැවැන්ත ප්‍රහාර හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 10වන දා සිට මේ දක්වා යුක්රේනයේ බලාගාරවලින් 30% ක් විනාශ වී ඇති අතර, රට පුරා දැවැන්ත විදුලි බිඳවැටීම් ඇති ව ඇත. තත්වය ස්ථාවර කිරීම” සඳහා වැඩ කටයුතු සිදු වෙමින් පවතින අතර හැකිතරම් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස යුක්රේන වැසියන්ගෙන් රජය ඉල්ලා සිටියි.

මේ වන විට යුක්රේනයට පහර දීම සඳහා රුසියාව විසින් ඉරානයේ නිෂ්පාදිත ෂාහෙඩ්-136 ඩ්‍රෝන යානා භාවිතා කරන අතර මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියාව මීට පෙර ඉරානයෙන් ෂහේඩ්-136 ඩ්‍රෝන යානා 2,400ක් ඇණවුම් කළ බවත්, ඩ්‍රෝන යානාවලට නිරවද්‍ය මාර්ගෝපදේශක මිසයිල රැගෙන යා හැකි අතර දළ වශයෙන් කිලෝග්‍රෑම් 50 (රාත්තල් 110) බර පැටවිය හැකි බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි