×

ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් R.කෙලීට වසර 30ක සිර දඩුවමක්

I Believe I Can Fly සහ Ignition වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධ වූ කෙලී අගෝස්තු මාසයේ නැවත වරක් චිකාගෝ හි ළමා ලිංගික රූප සහ බාධා කිරීම් චෝදනා හා ඉලිනොයිස් සහ මිනසෝටා උසාවිවල ලිංගික අපයෝජන චෝදනාවලට ද මුහුණ දීමට නියමිතව ඇත.


ඇමරිකානු සුප්‍රසිද්ධ පොප් ගායක රොබට් සිල්වෙස්ටර් කෙලී හෙවත් R.කෙලී හට ඊයේ (29) දින වසර 30 සිර දඬුවමක් හිමි විය. සිය ජනප්‍රියත්වය යොදාගෙන ළමයින්ට සහ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු නීතියෙන් වරදකරු බවට පත්ව ඇත.

55 හැවිරිදි කේලී පසුගිය සැප්තැම්බර් මාසයේදී ලිංගික ජාවාරම් හා අපරාධ සම්බන්ධයෙන් වරදකරු බවට පත් ව අත්අඩංගුවට ගැණින. ඔහු වසර ගණනාවක චෝදනාවලට මුහුණ දී ඇති අතර එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇන් ඩොනලි පැවසුවේ ”මෙම ප්‍රසිද්ධ පුද්ගලයා ජනප්‍රියත්වය ආයුධයක් කර ගනිමින් ඔහුගේ වින්දිතයින්ට කිව නොහැකි දේ කිරීමට බල කර ඇති බවත්, සමහරුන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පවා ඇති කිරීමට පෙළඹ ඇති බවත්ය.”

සති හයක නඩු විභාගය තුළදී ජූරි සභිකයන්ට ඔහු විවිධ එක්සත් ජනපද ප්‍රාන්ත අතර කාන්තාවන් වෙළඳාම් කළ ආකාරය මෙන්ම දශක දෙකක් පුරා කාන්තාවන් සහ ළමුන් ලිංගික අපයෝජනයට පොළඹවා ගැනීමට ඔහුගේ බලපෑම භාවිතා කළ ආකාරය අනාවරණය විය. මේ වන තෙක් ඔහු ආරක්ෂා වූයේ සමාජයේ පිළිගත් බලපෑමක් කළ හැකි පුද්ගලයන් විසින් ඔහුව රැක ගනු ලැබූ නිසා බව මේ සම්බන්ධව මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ.

I Believe I Can Fly සහ Ignition වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධ වූ කෙලී අගෝස්තු මාසයේ නැවත වරක් චිකාගෝ හි ළමා ලිංගික රූප සහ බාධා කිරීම් චෝදනා හා ඉලිනොයිස් සහ මිනසෝටා උසාවිවල ලිංගික අපයෝජන චෝදනාවලට ද මුහුණ දීමට නියමිතව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි