×

සද්ද බද්ද නැති සත්ව ලෝකයේ ලොකු සද්ද දාන්නෝ

සටන් රණ්ඩු යුද්ධ සෑම විටම අපට මුණ ගැසෙන්නේ මිනිස් ලෝකයේය. නමුත් ගහ බැණ ගන්නා සත්ව පුරුදු සමහර විට අපව පුදුම කරවන සුලුය. රණ්ඩු වීමට දක්ෂ සත්තු සමහරක් ගැන හිතාගත් නොහැකි ඒ පුරුදු වලින් සමහරක්.


ඇස්වලින් කෝපයේ රුධිරය විදින ටෙක්සාස් අං කටුස්සා

National Geographic

National Geographic

තරමක් බිය උපදවන සුළු පෙනුමක් ඇති මේ අංකටුස්සා සිය සතුරා ඉදිරියේදී දෑස්වලින් රුධිරය විදින බව ඔබ දැන සිටියාද?

අඩි 5ක් තරම් දුරට සිය කෝපයේ රුධිරය විහිදුවන අංකටුස්සා ඉන් සතුරාව පාලනය කරන්නේ රුධිරයේ ඇති අමිහිරි රසය ද සමඟිනි. සතුරා මේ ලේ රස නිසා ආපසු හැරෙන්නේ පවනට බඳු ‍වේගයෙනි. සතුරා මෙල්ල කිරීමට ටෙක්සාස් කටුස්සන්ගේ මෙම උපක්‍රමය හේතුවෙන් ඔහුට තම සිරුරේ ඇති රුධිරයෙන් තුනෙන් එකක් පමණ අහිමි වේ. රුධිරය පුදා සිය සතුරාගෙන් බේරුණක් මේ ටෙක්සාස් අංකටුස්සාට ලෝකයේ වඳවෙමින් සිටින සතුන්ගෙන් එක් අයෙක් වන්නට සිදුව තිබීම අභාග්‍යයක්.

ලෝකයේ වේගවත්ම පක්ෂියා ලෙස අප කවුරුත් දන්නා හමිං බර්ඩ් සැබවින්ම අධිවේගියෙක් .ඉතිං ඔහු තරඟකාරියෙක් නොවන බව කාට කිව හැකිද? දවසට දෙදහස් වරක් පැණි උරා බොන මේ පක්ෂියා එක මලක පැණි වෙනුවෙන් තවත් පක්ෂීන් හා සටන් වදින බව අදහන්නවත් පුළුවන්ද? හමිං බර්ඩ් වර්ග තිහකට වඩා වැඩි ගණනක් මෙසේ මල් පැණිවලට තරග වදිති. රැකට් ‍බිල් හමිං බර්ඩ් පැටවුන්ට මේ නිසා වැඩිහිටියන් සමඟ ද සටන් වැදීමට හේතුවේ. වැඩිහිටියන් සමඟ සටන් වැදීමට අපහසු උන් බොහෝ විට කරන්නේ නිසා මල යට සිට රොන් උරා බීමට උත්සාහ කිරීමයි.

කික් බොක්සිං කැන්ගරුවෝ

Scribol.com

Scribol.com

හරියට සතුරු රජ කුමාරවරුන් දෙදෙනෙක්ගේ අසිපත් ගැටෙන ලෙසටම ඕස්ට්‍රේලියාවේ නැ‍ඟෙනහිර අළු පිරිමි කැන්ගරුවන්ගේ යුද්ධයද බිහිසුණුය. මේ සටන් කරුවන්ගේ සටන් අන් කුමකටවත් නොව ඔවුන් සටන් වදින්නේ ගැහැනු කැන්ගරුවන් දිනා ගැනීමටයි.

වසර ගණනාවක් පුරා පුහුණු වකින් පසු සටන් වදින මේ කැන්ගරුවන් සිය ප්‍රතිවාදියාගේ සිරුරේ පහළ කොටසට පහරදීම සිදු කරයි එය ඔවුන්ගේ එකම තරග නීතියයි. මේ පහරදීම අතිශයින් භයානකය. ජවාධික පිරිමි කැන්ගරුට මේ සටන නිසා අස්ථි බිඳීයාම හා අභ්‍යන්තර තුවාලවලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතී. සමහරවිට ඔවුන්ගෙන් අයෙක් මිය යයි.

නාගයන්ට වට වී පහර දෙන මීර්කැට්ලා

BBC.com

BBC.com

එකිනෙකා අතර යුධ වදින සතුන් මෙන්ම අතිශය සමගියෙන් ජීවත් වන සතුන්ද සත්ව ලෝකයේ එමටය. සිය දෙපයින් සිට ගැනීමට හැකි මීර්කැට් සතුන් මිනිසුන්ගේ ආදරය දිනාගෙන සිටින්නේ ද ඒ නිසාමය. සුරිකේට් ලෙසද හඳුන් වන මේ සතුන් නැමීබියාවේ කාන්තාරවල සහ ඇන්ගෝලාවේ බහුලව දැකිය හැක. ඉතා සමගියෙන් එකිනෙකා ආදරයෙන් සිටින මේ සතුන් කිසිවිටකත් තම වර්ගය සමඟ යුද වදින්නේ නැත. නමුත් ඔවුන් කරන්නේ නයකු වැනි සතුරකු දුටුවිට එකමුතු වී සතුරාට මුහුණ දීමයි.

සතුරා මතට වමනය කරන කළුකුම් ගිජුලිහිණියෝ

I have a piece of news for you.

I have a piece of news for you.

අතින් පයින් සටන් කරනවාට වඩා උපක්‍රමශීලී ලෙස සටන් කිරීම සත්ත්ව ලෝකයේ විශේෂත්වයකි. සතුරාගේ සිරුර මතට වමනය කිරීම සත්ත්ව ජීවිතයේ අපූරු චාරිත්‍රයකි. සතුරාගේ සිරුරට වමනය කිරීමෙන් කළුකුම් ගිජු ලිහිණියන් දඩයම් කිරීමට පැමිණෙන්නන්ට තමන්ව එපා කරවයි . මේ ගිජු ලිහිණින් වර්ගය ආහාරයට ගන්නේ ගඳ ගසන මාංශ ආහාරයි. බොහෝවිට කුණු වූ සත්ත්ව මළ සිරුරු ඔවුන්ගේ ප්‍රියතම කෑම වේලයි. එහෙව් ඔවුන් වමනය කළ විට සතුරන් අහලට නොඒම පුදුමයක් නෙිවේ. කුරුලු පැටවුන්ට එතරම් දෙයක් කළ හැකි නොවේ. උන්ට ඉ‍ගිළෙන්න බැරි නිසා පහසුවෙන්ම විලෝපිකයන්ට ගොදුරු කර ගත හැකිය. උන් මේ අකරතැබ්බයෙන් බේරෙන්නේ මුවෙන් ගන්ධයක් පිටවන ලාටු වර්ගයක් විසි කිරීමෙනි. උන් තමන් වෙත එන සතුරාගේ මුහුණට මේ ගම් විසිකරයි. කහ පැහැති මේ ගම් ස්‍රාවයේ ඇත්තේ කුණු වූ මාළු ගඳකි. එම ගඳ නිසා රසවත් වුවත් මේ ගිජුලිහිණින් ආහාරය කර ගන්නට සතුරන් අකමැති වෙයි.

බෝම්බ ගසන කුරුමිණියෝ

Sites at Penn State

Sites at Penn State

ඇන්ටාක්ටිකාවේ හැර සෑම මහද්වීපයකම දැකිය හැකි මාංස භක්ෂක කෘමි විශේෂයක් වූ බෝම්බ්බාඩියර් කුරුමිණියා කීට අවස්ථාවේ සිටම මාංස භක්ෂකයෙකි. සතුරු කරදර ඉදිරියේ ඔවුන් උදරයෙන් කෙලින්ම සෙල්සියස් අංශක සියයක උෂ්ණත්වයක රසායනිකයක් නිකුත් කරයි. එය සතුරා බිය කිරීමට සෑහේ.

බෝලයක් මෙන් රවුම් වී ගල් කැටයක් මෙන් වැටෙන ගෙම්බා

Pinterest

Pinterest

වෙනිසියුලානු කුඩා පෙ‍බල් ගෙම්බා ගේ ප්‍රමාණය දිගින් සෙ.මී. 3ක් පමණ වේ. එහෙත් උන් ලෝක ප්‍රසිද්ධ වී සිටින්නේ සතුරන් ඉදිරියේදී බෝලයක් මෙන් රවුම් වී ගල්කැටයක් මෙන් පහළට ඇද වැටෙන්නට සමත් නිසා ය. අවාසනාවකට මෙතරම් තියුණු උපක්‍රමයක් තිබියදීත් උන් වඳවීගෙන යන සත්ත්ව කොට්ඨාසයක් බවට පත්වී තිබීම ස්වභාදහමේ ඉරණමයි.

මළා මෙන් රඟපාන – කුණු ගඳ ඔපෝසම්

ThoughtCo

ThoughtCo

මරණය හමුවේදී මිය ගිය හා සමානව රඟපාන ඔපෝසම්ද අපූරු සත්ත්වයෙකි. ඔපෝසම් සතියකට කෘමීන් හාර දහසක් පමණ ගිල දමන විස සර්පයන් පවා කා දමන සතෙකි. ඌ සතුරකු ඉදිරියේදී පැය ගණනාවක් මිය ගියාක්මෙන් වකුටු වී සිටී. එවිට උගෙන් පිටවන මළ කුණු ගන්ධය සතුරා ආපසු හරවා යැවීමට ප්‍රමාණවත් ය.

ගරිල්ලා චිම්පන්සියෝ

මිනිසාට නෑකම් කියන චිම්පන්සින් එක් වී ඔවුන්මෙන්ම දේශ සීමාවලට අරගල කරයි. කූඹි අනෙක් කූඹි රාජධානිවලට බලෙන් ඇතුළු වන්නේ වහල් කූඹින් සොයා ගැනීමටයි. චිම්පන්සින්ගේ දේශ සීමා අරගල මොන තරම් දුරදිග යනවාද කිවහොත් වාර්තාවන තුවාල කරුවන්ගේ සහ මියගිය චිම්පන්සින්ගේ ගණනේ අඩුවක් නැත. උන්ගේ සටන ගරිල්ලා කණ්ඩායම් සටන් හා සමාන බව සත්ත්ව අධ්‍යයන විශේෂඥයන්ගේ අදහසයි.

The Economist

The Economist

පිරිමි වෙනුවෙන් යුධ වදින ගැහැණු ඇන්ටිලොප්ලා

HunterVids

HunterVids

සත්ත්ව ලෝකයේ වඩාත්ම එකම වර්ගයේ අය යුද වදින්නේ ගැහැණු සතාගේ සිත දිනා ගැනීමටයි. එහෙත් මිනිස් ලෝකයේ මෙන්ම පිරිමි සතුන් වෙනුවෙන් යුධ වදින ගැහැණු සතුන්ද සත්ව ලෝකයේ නැතුවාම නොවේ. ගැහැණු ඇන්ටිලොප්ස් සතුන් ඊට කදිම නිදසුනකි. මේ ගැහැණු සතුන් තමස්ගේ සිත බැඳුණු එක් පිරිමි සතකු වෙනුවෙන් තව ගැහැණු සතෙක් පරදවා ජය හිමි කර ගනී. රතු ගෙලක් සහිත ෆැලරෝප් හා ජැකානාස් පක්ෂීන් පිරිමි සතුන් නිසා සටන් වදින තවත් පිරිසකි. මෙවැනි සිදුවීම් වලට බෙහෝ විට හේතු වන්නේ පිරිමි සතුන් ප්‍රමාණයට වඩා ගැහැණු සතුන් ගේ ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමයි. පළගැටියන් හා මත්ස්‍යයන් අතරද පිරිමි සතුන්ගේ හද දිනා ගැනීමට තවත් ගැහැණු සතකු සමඟ සටන් වදින ගැහැණු සතුන් දැකිය හැක.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි