×

ස්පාඤ්ඤයේ මෙලිලා ප්‍රදේශයට ඇතුළු වීමට ගත් උත්සහයකින් 18 දෙනෙකු මරුට

මේ වන විට මෙලිලා සහ සීයුටා මෑත වසරවලදී යුරෝපයට පැමිණීමට උත්සාහ කරන බොහෝ උප සහරා සංක්‍රමණිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.


ස්පාඤ්ඤයේ මෙලිලා ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීමට ගත් උත්සහයකදී පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙහිදී සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව අසල්වැසි මොරොක්කෝවේ බලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර ඇත. මෙම පිරිස හා ආරක්ෂක අංශ අතර ඊයේ (24) දින අලුයම ඇතිවූ ගැටුම් හේතුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් හා සංක්‍රමණිකයන් කිහිප දෙනෙක් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මේ වන විට මෙලිලා සහ සීයුටා මෑත වසරවලදී යුරෝපයට පැමිණීමට උත්සාහ කරන බොහෝ උප සහරා සංක්‍රමණිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබීමත්, ස්පාඤ්ඤ හා මොරොක්කෝව අතර දේශපාලන සබඳතා බිඳ වැටීමත්, හේතුවෙන් විශාල පිරිසක් දේශ සීමා උල්ලංඝණය කරමින් මෙලෙස බලහත්කාරයෙන් ස්පාඤ්ඤයට ඇතුලු වීමට උත්සහ කරන බව ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි