×

සුනාමි ඛේදවාචකයට වසර 16ක්..

ඉන්දියානු සාගරයේ හටගත් භූ කම්පනයක ප්‍රතිඵලයක් වශයෙන් සාගර ජලය වෙරළට ගොඩගැලීම තුළින් සිදුවූ විනාශයට ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් ගණනාවක් ම ලක්විය.


2004 දෙසැම්බර් 26 වන දින අප කිසිවකුටත් අමතක නොවන දිනයකි. ඒ අප ජීවත් වන දිවයිනට සුනාමි ව්‍යසනය උදාවූ දිනයයි.

සුනාමි ඛේදවාචකයට අදට වසර 16 කි. ඉන්දියානු සාගරයේ හටගත් භූ කම්පනයක ප්‍රතිඵලයක් වශයෙන් සාගර ජලය වෙරළට ගොඩගැලීම තුළින් සිදුවූ විනාශයට ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් ගණනාවක් ම ලක්විය.

සුනාමි ඛේදවාචකයෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව තිස් දහසකට අධිකය.

එදා නත්තලින් පසු ඇසුනේ ශෝකවිලාපයක් මිස ප්‍රීතිඝෝෂා නොවේ.

සුනාමියේ බලපෑම වෙරළබඩ කලාපයට වඩාත් දරුණු විය. දකුණු හා නැගෙනහිර වෙරළබඩ කලාප ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක් මුහුදු රළපෙළේ උදහසට ලක්වූයේ ලක්ෂ පහකට අධික ජනතාව අවතැන් කරමින්.

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කොට ජාතික සුරක්ෂිතතා දිනය පැවැත්වීමට මෙම වසරේ තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලට සීමිත පිරිසකගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගන්නා ලෙසයි.

මුහුදු රළපෙළ වෙරළ සිඹ ගත්තේ කවි සිත් තුළ පද වැල් ජනිත කරමිනි. ක්ෂිතිජය අසළ බැසයන හිරු දෙස බලමින් මහ සාගරයේ සුළඟ විඳිමින් තරුණ කැළ පෙම්බස් දෙඩුවේ ඉන්දියන් සාගරයේ පුංචි දූව ක අසිරිය විඳිමිනි.

එහෙත් සොලොස් වසරකට පෙර කුඩා මොහොතකට සාගරය උරණ විය. නොකළ වරදකට සිය ජලධාරා ගොඩබිමට සැලීය. ජීවිත රැසක් අවසන් හුස්ම හෙලීය.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි