×

චීනයේ රිච්ටර් මාපකයේ 5.5 ක ප්‍රබල භූකම්පනයක්; පුද්ගලයන් 21 දෙනෙකුට තුවාල

පතට පත්වූවන් ගලවා ගැනීම වෙනුවෙන් හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතියි.


නැගෙනහිර චීනයේ Shandong පළාතේ Pingyuan ප්‍රාන්තයේ අද(06)අලුයම සිදුවූ රිච්ටර් මාපකයේ 5.5 ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

භූ කම්පනය හේතුවෙන් නිවාස 126ක් පමණ විනාශ වී ඇති අතර විපතට පත්වූවන් ගලවා ගැනීම වෙනුවෙන් හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

චීනයේ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ භුකම්පනය හේතුවෙන් දුම්රිය 60 ක පමණ ගමනාගමනය අවලංගු කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි