×

චීනයේ අවන්හලක පිපිරීමක් හේතුවෙන් 31 දෙනෙකු මරුට

අනතුර සම්බන්ධයෙන් බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ සිය අප්‍රසාදය ප්‍රකාශ කර ඇති අතර ඛේදවාචකයක් සිදු වූ පසු පමණක් ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීමට නිලධාරීන් ඉක්මන් වීම හා කර්මාන්ත සහ ව්‍යවසායන්හි පරීක්ෂා කිරීමේ අඩු ගුණාත්මක භාවය වැනි කරුණු පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.


චීනයේ Yinchuan නගරයේ බාබකිව් අවන්හලක පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අවන්හල තුළ ගෑස් ටැන්කියක සිදුවූ කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර මුදවා ගැනීමේ කටයුතු වෙනුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් යොදවා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීන ජනාධිපතිවරයා කියා තිබුණේ, මෙම සිදුවීමෙන් ජීවිත හානි සිදු වූවන් පිළිබඳ හද කම්පාකරවන බවත්, මෙය කදිම පාඩමක් බවත්ය. මීට අමතරව ජනාධිපතිවරයා ප්‍රධාන ආරක්ෂක අංශවල අධීක්ෂණය ශක්තිමත් කිරීමටද උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් අවන්හලේ කළමනාකරු, සේවකයින් සහ කොටස් හිමියන් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු පොලිසිය විසින් රඳවාගෙන ඔවුන්ගේ වත්කම් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ සිය අප්‍රසාදය ප්‍රකාශ කර ඇති අතර ඛේදවාචකයක් සිදු වූ පසු පමණක් ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීමට නිලධාරීන් ඉක්මන් වීම හා කර්මාන්ත සහ ව්‍යවසායන්හි පරීක්ෂා කිරීමේ අඩු ගුණාත්මක භාවය වැනි කරුණු පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි