×

රුසියාව යුද මෙහෙයුම් වලදී යුක්‍රේන සෙබළුන් 31,000 ක් මිය ගිහින්!

යුක්රේන ජනාධිපතිවරයා  පවසන්නේ යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියා සෙබළුන් 180,000 ක් පමණ මිය ගොස් තවත් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බව කිවහැකි බවයි.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට රුසියාව යුද මෙහෙයුම් හේතුවෙන් යුක්‍රේන සෙබළුන් තිස්එක්දහසක් (31,000) පමණ මිය ගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

නමුත්, රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් තුවාල ලැබු යුක්‍රේන සෙබළුන් සංඛ්‍යාව කොතෙක්ද යන්න ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කර නැති අතර, රුසියා ජනාධිපතිවරයා පවසන පරිදි යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේන සෙබළුන් ලක්ෂ ගණනක් ජිවිතක්ෂයට පත්ව නොමැති බව ද ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරයි.

යුක්රේන ජනාධිපතිවරයා  පවසන්නේ යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියා සෙබළුන් 180,000 ක් පමණ මිය ගොස් තවත් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බව කිවහැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි