×

ඇමෙරිකාවේ අධික ශීතල සතියක් තුළ පුද්ගලයින් 50කගේ ජීවිත බිළිගයි!

මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අධික ශීතල,  අධික හිම පතනය හා මහා මාර්ග ඝන අයිස් තට්ටුවලින් වැසීයාමත් සමග හටගත් අනතුරු හේතුවෙනුයි.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පසුගිය සතිය තුළදී පමණක් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ශීත සෘතුවේ උදාවත් සමඟ ඇමෙරිකාව දරුණු හිම කුණාටු රැසකට මේ වනවිට මුහුණදී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අධික ශීතල,  අධික හිම පතනය හා මහා මාර්ග ඝන අයිස් තට්ටුවලින් වැසීයාමත් සමග හටගත් අනතුරු හේතුවෙනුයි.

ගුවන් ගමන් රැසක් පසුගිය සතිය පුරා අවලංගු කෙරුණු අතර පාසල් වසා දැමීමටද පියවර ගැණුනා.

මිලියන ගණනක පිරිසකට විදුලිබලය නොමැති අතර කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ, නව කාලගුණ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි .

මේ අතර කෙන්ටකි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි