×

තායිවානයේ රිච්ටර් මාපකාංක 6.4 ක භූමිකම්පාවක්

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය(USGS) මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙමඟින් ජීවිත හානි සිදුවීමේ සම්භාවිතාව අඩු නමුත් යම් හානියක් සිදුවිය හැකි බවයි.


තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තිබේ.
තායිවානයේ මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ භූමිකම්පාව සමඟ දිවයිනේ දකුණේ Kaoshiung නගරයේ මෙට්‍රෝ පද්ධතිය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. භූමිකම්පාව තායිපේ අගනුවරට ද දැනී ඇත.

තායිවානය භූමිකම්පා වලින් නිරන්තරයෙන් පීඩා විඳින අතර දූපත භූ තල දෙකක් මත පිහිටා ඇත. භූමිකම්පාවක් රික්ටර් පරිමාණයේ 7.0ට වඩා බලවත් නම් මිස දිවයින සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකරයි.

කෙසේ නමුත් තායිවානයේ භූමිකම්පාවල අවධානම රඳා පවතින්නේ එය ඇති වන ස්ථානය සහ ගැඹුර මතය. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය(USGS) මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙමඟින් ජීවිත හානි සිදුවීමේ සම්භාවිතාව අඩු නමුත් යම් හානියක් සිදුවිය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි