×

පලස්තීනුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහා යුරෝපීය රටවල් 6ක් අරමුදල් සැපයීම අත්හිටුවයි!

ඊශ්‍රායලයට එල්ලවු හමාස් ප්‍රහාරයට එහි කාර්ය මණ්ඩලයේ සමහරක් සම්බන්ධ වු බවට වන චෝදනා ඊට හේතුව බවට සැලකේ,


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පලස්තීනුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහා යුරෝපීය රටවල් 6ක් අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයට එල්ලවු හමාස් ප්‍රහාරයට එහි කාර්ය මණ්ඩලයේ සමහරක් සම්බන්ධ වු බවට වන චෝදනා ඊට හේතුව බවට සැලකේ,

මෙය තම ආයතනයට විශාල කැළලක් බව එම ආයතනය ප්‍රකාශ කරන අතර අදාළ සේවකයින් සම්බන්ධයෙන් විමර්ෂණ ද ආරම්භ  කර තිබෙන බවට වාර්තා වේ.

එම ආයතනය සඳහන් කරන්නේ, එම පුද්ගලයින් සමඟ සබඳතා අත්හැර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි