×

AI නිසා ලෝකයේ 60%කගේ රැකියා සඳහා බලපෑම් – IMF

ඇය වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර ඇති බව සඳහන් වේ


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ 60% කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය පවසයි.

ඇය වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර ඇති බව සඳහන් වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බවද ඇය පෙන්වා දෙයි.

නමුත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි