1939 සැප්තැම්බර් 1 .. ඉතිහාසයේ රුදුරුතම ගැටුම හෙවත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ දිනයයි. එතැන් පටන් අද වන විට වසර 80ක් ගත වී ඇතත්.. එහි මතකයන් ගෙන් ඈත්වන්නට තවමත් මිනිස් සංහතියටම නොහැකිය.
දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ලෝකය පුරා ජීවිත අහිමි වූ සමස්ථ මිනිසුන් සංඛ්‍යාව මිලියන 50කටත් අධිකය..
”ජර්මනියේ කෘරත්වය හමුවේ දිවිදුන් සියළු පෝලන්ත වැසියන්ට මගේ ප්‍රශංසාව හිමි කරමි.. යුද්ධයේ ගොදුරු වූ සියල්ලන්ටම මම හිස නමා ආචාර කරමි.
80 වන වසර සමරමින් ජර්මනියේ ජනපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් එසේ පෝලන්තයෙන් සමාව ඉල්ලා සිටියේය.
1939 සැප්තැම්බර් 1 වන දින ජර්මනියේ පාලකයා වූ ඇඩෝල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය යටත් කර ගනු ලැබීය. එතැන් පටන් වසර 6ක් තිස්සේ ලෝකයේ සිදු වූ දරුණුතම මිනිස් සංහාරය ලෙස ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගිය දෙවන ලෝක යුද්ධය නිසා ලෝකය පුරා පුද්ගලයින් මිලියන 100කට අධික පිරිසකට හමුදාවට බැදෙන්නට සිදු විය. මිලියන 50කට අධික මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය දෙවන ලෝක යුධ සමයේ මිය ගිය සෙබළුන් සංණ්‍යාව මිලියන 15ක් වන අතර මිලියන 20ක් රුසියානු සිවිල් වැසියන්ය. මිලියන 6ක් යුදෙවුවන් මිය ගිය අතර පෝලන්ත වැසියන් මිලියන 4ට වඩා මිය ගියහ.
දෙවන ලෝක යුද්ධය පිළිබද ඔර්ලියන්ස් හී ජාතික කෞතුකාගාරය විසින් කළ සමීක්ෂණයක් අනුව ලෝක යුද්ධයේදී මිය ගිය පිරිස් රාජ්‍ය්‍යන් අනුව මෙසේය.
Country | Military Deaths | Total Civilian and Military Deaths |
---|---|---|
Albania | 30,000 | 30,200 |
Australia | 39,800 | 40,500 |
Austria | 261,000 | 384,700 |
Belgium | 12,100 | 86,100 |
Brazil | 1,000 | 2,000 |
Bulgaria | 22,000 | 25,000 |
Canada | 45,400 | 45,400 |
China | 3-4,000,000 | 20,000,000 |
Czechoslovakia | 25,000 | 345,000 |
Denmark | 2,100 | 3,200 |
Dutch East Indies | — | 3-4,000,000 |
Estonia | — | 51,000 |
Ethiopia | 5,000 | 100,000 |
Finland | 95,000 | 97,000 |
France | 217,600 | 567,600 |
French Indochina | — | 1-1,500,000 |
Germany | 5,533,000 | 6,600,000-8,800,000 |
Greece | 20,000-35,000 | 300,000-800,000 |
Hungary | 300,000 | 580,000 |
India | 87,000 | 1,500,000-2,500,000 |
Italy | 301,400 | 457,000 |
Japan | 2,120,000 | 2,600,000-3,100,000 |
Korea | — | 378,000-473,000 |
Latvia | — | 227,000 |
Lithuania | — | 353,000 |
Luxembourg | — | 2,000 |
Malaya | — | 100,000 |
Netherlands | 17,000 | 301,000 |
New Zealand | 11,900 | 11,900 |
Norway | 3,000 | 9,500 |
Papua New Guinea | — | 15,000 |
Philippines | 57,000 | 500,000-1,000,000 |
Poland | 240,000 | 5,600,000 |
Rumania | 300,000 | 833,000 |
Singapore | — | 50,000 |
South Africa | 11,900 | 11,900 |
Soviet Union | 8,800,000-10,700,000 | 24,000,000 |
United Kingdom | 383,600 | 450,700 |
United States | 416,800 | 418,500 |
Yugoslavia | 446,000 | 1,000,000 |
Battle Deaths | 15,000,000 |
Battle Wounded | 25,000,000 |
Civilian Deaths | 45,000,000 |
*Worldwide casualty estimates vary widely in several sources. The number of civilian deaths in China alone might well be more than 50,000,000.
1939 ආරම්භ වී 1945 අගෝස්තුව දක්වා පැවති දෙවන ලෝක යුද්ධය ට හේතූන් කිහිපයක්ම විය ජර්මනියේ පාලකය වූ ඇඩෝල්ෆ් හිට්ලර් ගේ බල තණ්හාව උතුරා නොයන්නට දෙවන ලෝක යුද්ධයක් නොවන්නටද ඉඩ තිබුණි.
යුද්ධයේ ආසන්නතම හේතුව වූයේ හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමයි. ඊට අමතරව ඉතාලියේ නායක මුසලෝනි ගේ ක්‍රියාකලාපය මෙන්ම ජපානයේ ප්රතිපත්තීන් සහ ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ සාම වැඩ පිළිවල වූ ජාතීන්ගේ සංගමයේ දුර්වලතාවන්ද දෙවන ලෝක යුද්ධය ඇති වීම කෙරෙහි මූලිකවම බලපෑ කරුණු විය.
දෙවන ලෝක යුද්ධයේදී ලෝකයේ රටවල් මිත්‍ර පක්ෂය සහ අක්ෂ පක්ෂය ලෙස දෙකට බෙදුන බල කදවුරු දෙකෙහි ගැටුම් ඉහළ යත්ම සාමාජික රටවල්ද යුද්ධයට ක්රමනේ දායක විය.
මිත්‍ර පක්ෂය ලෙස ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, රුසියාව, ප්රංශයද අක්ෂ පක්ෂය යටතේ ජර්මනිය, ජපානය, ඉතාලිය, හන්ගේරියාව සහ රුමේනියාව යුද්ධයේ මූළික සටන් කරුවන් වූ අතර ඒ ඒ රටවල් විසින් යටත් විජිත බවට පත් කර ගෙන සිටි රටවලටද යුද්ධයේ හවුල් කරුවන් බවට පත් වන්නට සිදු විය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉංදියාව සහ ශ්‍රි ලංකාව යුද්ධයේ පීඩනයන්ට මුහුණ දෙනු ලබන්නේ මේ හේතුවෙනි.
දෙවන ලෝක යුද්ධය ඉතිහාසයේ කෘරතම මිනිස් සංහාරය ලෙස සැළකෙන්නේ යුද්ධයේ අවි ලෙස භාවිත කළ ආයුධ සහ මිනිසුන් මරා දැමීමය හිට්ලර් විසින් අනුගමනය කළ ක්‍රමවේදයන් හේතුවෙනි.
ඒ වන විටත් පළවන ලෝක යුද්ධයෙන් පසු ජාතීන්ගේ සංගමය හා පැවති එකගත්වයන්ගෙන් පසුව රටවල් හී අවි ආයුධ සම්බන්ධව ගිවිසුම් කිහිපයක් ම තිබිණි. නමුත් විශේෂයෙන්ම ජපානය විසින් භාවිත කළ රසායනික අවි සම්බන්ධව 1938 දී ජාතීන්ගේ සංගමය එය තහනම් කරමින් ගිවිසුමකට එළැඹ සිටියද ජපානය ඊට අනුව කටයුතු නොකළේය රසායනික අවි ජපන් හමුදා විසින් පුරුද්දක් ලෙස භාවිත කළහ. ජපාන හමුදාවේ විවිධ ඒකක මගින් මිනිසුන් යොදාගනිමින් ජීව විද්‍යාත්මක අවි අත්හදා බලා ඇත. මේවා ප්‍රධාන වශයෙන් චීනයට එරෙහිව ද, 1939 නොමොන් හැන් සිදුවීමේ දී මොන්ගෝලියානු හා සෝවියට් සෙබළුන්ට එරෙහිව ද භාවිත කොට තිබේ. 2004 ඕස්ටේ්රලියානු ජාතික ලේඛනාගාරයේ දී සොයා ගන්නා ලද යොෂිමි හා යුකි මනාකාගේ ලියකියවිලිවලට අනුව, 1944 නොවැම්බර් මස දී තායිපත්වල ඕස්ටේ්රලියානු හා ලන්දේසි සිරකරුවන් අතර සයනයිඞ් වායුව අත්හදා බලා තිබේ.
ගුවනින් බෝම්බ දැමීම දෙවන ලෝක යුද්ධයේ දරුණුතම යුධ උපක්‍රමයක් වූ අතර ජපානයේ හිරෝෂීමා හා නාගසාකි අත් දැකීම් අනාගතයට කිසිදාක අමතක නොවන අයුරේ සිදුවීම් ය. මිත්‍ර හා සතුරු පාර්ශවයන් විසින් සිදු කරන ලද මහා පරිමාණයේ බෝම්බ ලක්ෂ ගණන් සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කළේය. ජර්මන් නගරවල, විශේෂයෙන්ම ඩි්රස්මන් හි සිදු වූ ඇන්ග්ලෝ ඇමරිකානු බෝම්බ ප්‍රහාරවලින් සිවිල් ජීවිත 600,000ක් විනාශ වී ඇතැයි ගණන් බලා ඇත. 1940 සැප්තැම්බර් මස සිට 1940 මැයි මස දක්වා බි්රතාන්යයට එල්ල කරන ලද ජර්මන් ප්‍රහාර මාලාව තුළ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදී. එක් අවස්ථාවකදී එක දිගට රාත්‍රී 57ක් නගරයට බෝම්බ හෙළා ඇත. න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප්‍රථම හා එකම අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත ද, ඉන් දින 3කට පසුව නාගසාකි වෙත ද න්‍යාෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී. මෙමගින් සිදු වූ මරණ සංඛ්‍යාව 200,000ක් යයි ගණන් බලා ඇත.
වසර හයක් තිස්සේ බල කදුවුරු දෙකෙහි ගැටුම විවිධ සංධිස්ථාන වලදී ඉහළ පහළ යමින් යුද්ධය ඉදිරියට මෙහෙය විය. කෙසේ වෙතත් ඇමරිකාව විසින් ජපානයට එරෙහිව න්‍යෂ්ඨික බෝම්බ එල්ල කරමින් හා ජපානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම උග්‍ර අතට පත්වීමත් සමග මිත්‍ර රටවල නායකයන් ජපානය ඉදිරියේ දිගින් දිගටම ඉල්ලා සිටින ලද්දේ ජපානයට යුද්ධයෙන් ඉවත් වන ලෙසයි. ජපානයට කඩිනම් විකල්පයක් හෝ විනශය යන මාවත් දෙකෙන් එකක් තෝරා ගැනීම අවශ්‍ය විය. ඒ අනුව ජපානය 1945 අගෝස්තු 15 වන දා තමන් යටත් වන බවට ප්‍රකාශ කිරීමත් සමග ඒ වන විටත් ලෝකය පුරා පැතිර තිබූ දෙවන ලෝක යුද්ධය අවසානය කර ළගා විය.
ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සංඛ්‍යාවක් මිය යෑමට සහ තවත් පිරිසක් ආබාධිත වන්නට මෙන්ම ගණණය කළ නොහැකි තරමේ දේපළ හානි සිදුවූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල අතර තවත් දේශ පාලනික ප්‍රථිපල කිහිපයක්ද වෙයි. ජර්මනිය නැගෙනහිර ජර්මිනිය සහ බටහිර ජර්මනිය ලෙස දෙකඩ වෙමින් බර්ලින් තාප්පය ඉදිකිරීම දක්වා උග්‍ර වීම, ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ සුපිරි බලවකා ලෙස නැගී සිටීම සහ රුසියාවද අනෙක් පසින් ඉදිරියට ඒම, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් සිය යටත් විජිත රටවලට නිදහස ලබා දීම සදහා පියවර ගැනීම, ජපානය සහ බටහිර ජර්මනිය ගොඩ නැගීම වෙනුවෙන් මාෂල් සැළැස්ම ක්‍රියාත්මක කිරීම ආදිය දෙවන ලෝක යුද්ධයේ දේශ පාලනික ප්‍රතිඵලයන්ය.
අද වන විට තවත් ලෝක යුද්ධයක් ඇති වීම වළක්වමින් ජාත්‍යන්තර අර්බුධ වලට මැදිහත් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු ලෝක යුද්ධයේදී පිහිටවූ ජාතීන්ගේ සංවිධානය වෙනුවට නැවත පිහිටුවීම දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග ඇති වූ එකම සුභදායී ප්‍රථිපලය විය.
යුද්ධයේදී මිය ගිය මිනිසුන් ගැන ඔවුන්ගේ අත් දැකීම් ගැන අද වන විටත් චිත්‍රපට නිර්මාණය වෙමින් පවතින අතර පොත් පත්ද ලිපිද පර්යේෂණ ලිපිද ලියැවෙමින් පවතී, නමුත් මිලියන ගණණක් අහංසක මිනිසුන් තුළ එදා සිය ජීවිත අහිමි වන විට ඔවුන්ට දැනුණ බිය හා අසරණ කම ඒ කිසිවක් තුළින් අපට සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැකිය. ඉදින් ලෝකයට කිසිම අයුරක යුද්ධයක් ඇවැසි නැත.