පසු ගිය දිනක නවසීලන්තයේ සංචාරක ගමනාත්යක් වන වයිට් අයිලන්ඩ් දූපතේ සිදුවූ ගිනි කඳු පිපිරීමේ සිදුවීමෙන් මරණයට පත්වූ සංඛ්‍යාව යළි ඉහල ගොස් ඇති බවට වාර්තා වේ.
ඒ අනුව, සිදුවීමෙන් පිලිස්සුම් තුවාල ලැබූ එක් පුද්ගලයකු ඕක්ලන්ඩ් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
ගිනි කඳු පිපිරීමෙන් මරණයට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19 දක්වා නිල වශයෙන් දැනුම් දී තිබේ. අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැත.
නවසීලන්ත පොලිසිය අද (23) දින නිවේදනය කළ පරිදි ඕක්ලන්ඩ් නගරයේ මිඩ්ල්මෝර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ ඊයේ දින රාත්රියේදීයි.
කෙසේවෙතත් මරණයට පත්වූ පුද්ගලයා ගේ අනන්‍යතාවය හෙලිදරව් කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කළේය.
පෙර ලිපි:
ගිනි කඳු පිපිරීමට ගොදුරු වූවන් පිළිබඳ පූර්ණ ලෙස හඳුනා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත් වේ.
නවසීලන්තයේ ගිනිකඳු පිපිරීම පිළිබඳ විමර්ශන වලට වසරක් වත් ගතවේවි..
නවසීලන්ත ගිනි කඳු පිපිරුමෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට, තුවාල ලද්දන්ගේද ජීවිත අවදානම්!