×

නවසීලන්ත ගිනි කඳු පිපිරුමෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට, තුවාල ලද්දන්ගේද ජීවිත අවදානම්!

වයිට් දූපතේ ගිනිකඳු පිපිරීමකින් පසු සිදු වූ මරණ හා තුවාල සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය අපරාධ පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කර තිබේ.


වයිට් දූපතේ ගිනිකඳු පිපිරීමකින් පසු සිදු වූ මරණ හා තුවාල සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය අපරාධ පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති අතර අට දෙනෙකු තවමත් දිවයිනේ අතුරුදහන් වී ඇත. නමුත් ඔවුන් ජීවත්ව සිටීම අවිනිශ්චිත බව පොලිසිය පවසයි. සිරුරු තිබෙන්නේ කුමන තත්වයකදැයි පොලිසියට අදහසක් නොමැති අතර බොහෝ දුරට ඒවා අළු අතර සැඟව ඇති බවට ඔවුන් අනුමාන කරයි.

පසුගිය සඳුදා දින ගිනි කන්ද පුපුරා ගියේ ගිනි කන්ද නැරඹීමට බොහෝමයක් පිරිසක් රැස්ව සිටි අවස්ථාවකදීය.

පුද්ගලයින් තිස් හතර දෙනෙකු බේරා ගත් අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබති. ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසා ඇත්තේ ඔවුන්ගේ පිළිස්සුම් සමහරක් දරුණු බැවින් ඔවුන්ට නොනැසී පැවතීම අසීරු බවයි. පුපුරා යාමෙන් පීඩාවට පත් වූවන් අතර නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය, මැලේසියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල ජනතාව ද සිටින බව පොලිසිය පවසයි.

අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ දිවයිනේ ජීවයේ කිසිදු සලකුනක් නොමැති බවත්, දිවයින සුරක්‍ෂිත වූ පසු “සුවය ලැබීමට” සහ “ආදරණීයයන් වෙත ආපසු යැවීම” කෙරෙහි දැන් අවධානය යොමු වී ඇති බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි