×

තායි ගුහාවේ සිර වී සිට බේරා ගත් දරුවන් ගණන ”අට” දක්වා ඉහළ යයි.

තායිලන්තය වයිල්ඩ් බෝර්ස් නම් පාපන්දු කණ්ඩායමේ සමාජිකයන් වූ අවුරුදු 11 ත් 16ත් අතර ක්‍රීඩකයන් 12 දෙනෙක් හා ඔවුන්ගේ පුහුණු කරු මීට සති දෙකකට පෙර චියැංරායි හී තාම් ලුවන්ග් ගුහාව තුළ අතරමංවිය


තායිලන්තයේ චියැංග් රායි ගුහාවේ සිරවී සිටි දරුවන් සහ පුහුණුකරු අතරින් තවත් දරුවන් 4ක් අද දිනය තුළ බේරාගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මේ වන ගුහාවෙන් පිටතට ගෙනැවිත් අැති දරුවන් සංඛ්‍යාව අටකි..

බේරා ගත් සියලු දරුවන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇත. තවත් දරුවන් 4 දෙනෙක් සහ පුහුණු කරු තවමත් ගුහාව තුළ සිරවී ඇත.

 තායිලන්තයේ වයිල්ඩ් බෝර්ස් නම් පාපන්දු කණ්ඩායමේ සමාජිකයන් වූ අවුරුදු 11 ත් 16ත් අතර ක්‍රීඩකයන් 12 දෙනෙක් හා ඔවුන්ගේ පුහුණු කරු මීට සති දෙකකට පෙර චියැංරායි හී තාම් ලුවන්ග් ගුහාව තුළ අතරමංවිය.

අධික වර්ෂාව හේතුවෙන් ගුහාව තුළට ජලය ගැලීම නිසා ඔවුන් එහි සිවී දින 9 නිරාහාරව සිටියහ. දින 9කට පසු බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන් විසින් ගුහාව තුළ නිරුපද්‍රිතව සිටි ඔවුන් සොයා ගත් අතර ඊයේ දිනය වන තුරුම ඔවුන්ව බේරා ගැනීම සඳහා විවිධ උත්සහයන් හී නිරත වෙමින් සිටියහ.

නමුත් වර්ෂාව අධීක වීම නිසා ගුහාව තුළට වැඩි වතුර ප්‍රමාණයක් ගලා යෑමත් . ගුහාව තුළ ඔක්ෂිජන් මට්ටම අඩු වීමත් සමග ඔවුන් ව වහා වහා ගුහාවෙන් පිටතට ගෙන ආ යුතු බවට තීරණය විය.

ඔවුන් සිරවී සිටින ස්ථානය පොළොව මතුපිට සිට මීටර 800 ත් 1000 ත් ගැඹුරින් වූ ස්ථානයක් ලෙසට හඳුනාගෙන ඇත. ගුහා කටට කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) දුරින් පිහිටා තිබෙන කුඩා කුටීරයක සිරවී සිටින අතර ඒ වටා ගුහා පද්ධතිය මුළුමනින්ම ජලයෙන් යට වී ඇත.

ජලයෙන් වාතය විස්ථාපනය වන බැවින් ජලය පිරෙන්නට පිරෙන්නට ගුහාව තුළ ඔක්සිජන් පරිමාව ද අඩ්වෙමින් පැවති නිසා කිමිදුම් කරුවන් විසින් මෛ දරුවන් එකි නෙකා බැගින් පිටතට ගෙන ඒමට තීරණය කෙරිණි. එය අතිශය බිහිසුණ මෙන්ම අනතුරු දායක ක්‍රියාවක් විය.

නමුත් ඊයේ දිනය තුළ දරුවන් 4 දෙනෙතුද අද වන විට තවත් දරුවන් 4 දෙනෙක්ද පිටතට ගෙන ඒමට සමත් වී ඇතැයි නිළ නොවන ආරංචිමාර්ග පවසයි.

දස දහසකට වඩා පිරිසක් මෙම මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වූ අතර එහිදී තායිලන්ත ජාතික කිමිදුම් කරුවෙකු මිය ගියේය.

පෙර ලිපි තායි ගුහාවේ සිරවූ දරුවන් දෙදෙනෙක් බේරා ගැනේ

https://outboundtoday.com/cave-rescue-fifa/

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි