×

ෆේස්බුක් උසාවියේ විනිසුරු මණ්ඩලය (Oversight Board) හෙළි කෙරේ

ලෝකයේ ලොකුම සමාජ මාධ්‍ය ජාලය බවට අවිවාදයෙන් පත්ව තිබෙන Facebook හි අන්තර්ගතයන් සුපරික්ෂා කිරීමේ මණ්ඩලයේ සිටින්නේ කවුදැයි පළමු වරට හෙළි කරන්නට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.


ඒ, කෙන්යාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන මායිනා කියායි (Maina Kiai) ද එම මණ්ඩලය සඳහා පත් කිරීමත් සමග ය. මායිනා, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ Global Alliances and Partnerships වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු විශේෂ වාර්තාකරුවෙකු ද වේ.

Maina Kiai

ෆේස්බුක් හි අන්තර්ගතය සුපරික්ෂා කළ යුතුමය.

සමාජ මාධ්‍ය ජාලවල තිබෙන විශේෂිතම ලක්ෂණය වන්නේ එහි අන්තර්ගතය, එහි පරිශීලකයන් (users) විසින් ම නිර්මාණය කිරීමයි. ඒ නිසා එකී පරිශීලකයන්ට තමන්ගේ සිතැඟි පරිදි ඕනෑම අන්තර්ගතයක් අසුරු සැණින් මුදා හැරිය හැකි වේ.

පසුගිය කාලවල සහ මේ මොහොතේත් ශ්‍රී ලංකාවේ අප අත්දකින්නේ විශේෂිත ප්‍රජාවන් ඉලක්ක කරගෙන වෛරී ප්‍රහාර එල්ල වන ආකාරයයි. මුස්ලිම් ප්‍රජාව, රොහින්ග්‍යා ප්‍රජාව,  LGBTIQA ප්‍රජාව ඇතුළු සමාජයේ ආන්තීයකරණයට ලක් වීමේ අවදානම සහ එසේ ආන්තීයකරණයට ලක් වූ ප්‍රජාවන් මේ අන්දමින් සමාජ ජාලවලදී බහුතර නොහික්මුණු මතන්ගේ නිබඳ ප්‍රහාරයන්ට ලක් වේ.

ෆේස්බුක් වැනි සමාජ ජාලවල groups සාදාගැනීමට ලබා දී ඇති අවකාශය නිසා මෙම පණිවුඩ ඉලක්කගත ග්‍රාහකයන් වෙත ලෙහෙසියෙන් ලබාදිය හැකි ද වේ.

පසුගිය සමයන්හිදී සහ තවමත් අපට දැකගත හැකි වන්නේ ‘ගහපියව්, මරපියව්, වෙන රටකට යන්න කියපියව්‘ යනාදී වශයෙන් වෛරී සහගත ප්‍රචාර ගෙන යන ෆේස්බුක් සාමාජිකයන් අක්‍රිය කිරීමට ෆේස්බුක් සමාගම දැඩි උත්සාහයක නිරත වන ආකාරයයි. මෙයට අමතරව තනි පුද්ගලයන්ගේ කීර්තිනාම ඉලක්ක කරගෙන එල්ල වන අපහාස සහ මඩ ප්‍රහාර ද සමාජ මාධ්‍ය ජාලවල සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

මේ සන්දර්භය තුළ, සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සිය සිතැඟි අනුව නිර්මාණය කරන අන්තර්ගතයන්, කිසියම් මණ්ඩලයක් විසින් ඒවා පළ කිරීමට පෙර හෝ පළකිරීමෙන් පසුව අවශ්‍ය අවස්ථාවලදී අධීක්ෂණයට ලක් කිරීම අත්‍යාවශ්‍ය වේ.

මේ සඳහා ෆේස්බුක් සමාගම,  Oversight Board යනුවෙන් වෙනම ව්‍යූහයක් පවත්වාගෙන යයි.

ෆේසුබුක් හි Oversight Board යනු, ‘ෆේස්බුක් උසාවිය‘ යි.

ෆේස්බුක් හි Oversight Board හෙවත් අධීක්ෂණ මණ්ඩලයේ දැනට රටවල් 27 ක, භාෂා 29 ක් කතා කරන අය සිටිති.

ඇතැම්විට ලෝක ජනමාධ්‍ය විසින් ෆේස්බුක් හි මෙම Oversight Board හඳුන්වන්නේ Facebook “supreme court” හෙවත් ෆේස්බුක් හි උපරිමාධිකරණය කියා ය. එයට හේතුව, එයට එක් කරන අන්තර්ගතයක් ගැන අවසන් තීරණය ගනු ලබන්නේ ඔවුන් විසින් වන හෙයිනි.

එනම් Oversight Board හි මූලික කර්තව්‍යය වන්නේ මතභේදාත්මක පෝස්ට්, ඩිලීට් කරන්නේ ද නැතිනම් ෆේස්බුක් අවකාශය තුළ තබාගන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමයි.

කෙසේ නමුත් ෆේස්බුක් හි Community Guidelines වලට අනුකූල පෝස්ට් පමණක් පවතින්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා මෙයට අමතරව ‘මොඩරේටර්ස්ලා‘ (Content Moderators) ද සිය ගණනක් වැටුප් ලබමින් රැකියාවේ යෙදෙති.

ෆේස්බුක් උසාවියේ විනිසුරන් කවුද?

පහත දැක්වෙන අය, මේ වන විට මෙම මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් ක්‍රියා කරමින් සිටින බව ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. සාමාජිකයන් 20 දෙනෙක් දැනට මෙහි සිටින අතර, ඉදිරියේදී එම ප්‍රමාණය 40 ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

– Catalina Botero-Marino: A former special rapporteur for freedom of expression of the Inter-American Commission on Human Rights of the Organization of American States; currently dean at the law school of the Universidad de los Andes in Colombia.

– Jamal Greene: Columbia University law professor specializing in constitutional rights adjudication.

– Michael McConnell: Former US federal judge who is now a constitutional law professor at Stanford University.

– Helle Thorning-Schmidt: Former prime minister of Denmark who later served as CEO of Save the Children.

– Afia Asantewaa Asare-Kyei: A human rights advocate at the Open Society Initiative for West Africa.

– Evelyn Aswad: a University of Oklahoma law professor and former State Department lawyer on international human rights standards.

– Endy Bayuni: Former editor-in-chief of the Jakarta Post.

– Katherine Chen: Communications scholar at the National Chengchi University in Taiwan who studies social media, mobile news and privacy.

– Nighat Dad: Digital rights advocate who offers digital security training to women in Pakistan and across South Asia.

– Pamela Karlan: Stanford Law professor and former US Justice Department official who is on the board of the American Constitution Society.

– Tawakkol Karman: Nobel Peace Prize laureate and activist who promoted non-violent change in Yemen during the Arab Spring.

– Maina Kiai: A director of Human Rights Watch’s Global Alliances and Partnerships Program, and a former UN special rapporteur who has been a human rights advocate in Kenya.

– Sudhir Krishnaswamy: Rights activist and vice chancellor of the National Law School of India University.

– Ronaldo Lemos: A technology, intellectual property and media lawyer who co-created a national internet rights law in Brazil, and teaches law at the Universidade do Estado do Rio de Janeiro.

– Julie Owono: Digital rights and anti-censorship advocate in Africa who leads Internet Sans Frontieres.

– Emi Palmor: A former director general of the Israeli justice ministry who led initiatives to address discrimination and promote diversity.

– Alan Rusbridger: A former editor-in-chief of The Guardian who oversaw its Pulitzer Prize-winning coverage of the Edward Snowden disclosures.

– Andras Sajo: A former judge and vice president of the European Court of Human Rights.

– John Samples: A vice president of the US-based libertarian Cato Institute who writes extensively on social media and speech regulation.

– Nicolas Suzor: A Queensland University of Technology Law School professor who focuses on the governance of social networks.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි