×

9/11 ප්‍රහාරයෙන් උගත යුතු සැබෑ පාඩම් – ‘ද ඉකොනොමිස්ට්‘ කතුවැකිය

මේ, ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාව 9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ විශේෂ කතුවැකියේ සිංහල පරිවර්තනයයි. අප විසින් අනුමාතෘකා යෙදීම පමණක් සිදුකර තිබේ.


* * * *

විසි අවුරුද්දකට පෙර සැප්තැම්බර් 11 ප්‍රහාරවලින් පසුව ලෝක සාමයේ හැඩය වෙනස් කිරීමට ඇමරිකාව පියවර ගත්තේය. අද, ඇමරිකාව සිය විදේශ ප්‍රතිපත්තිය කාබුල් ගුවන්තොටුපොළේ ගුවන් ධාවන පථයක අත හැර දමා පැමිණ ඇති බව නිගමනය කිරීම පහසු ය. ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම දුරස්ථ යුද්ධ කළ යුගයේ අවසානය යැයි ජනපති බයිඩන් කීවත්, එමගින් ඇමරිකාවේ මිතුරන් කලබලයට ද සතුරන් සතුටට ද පත් කර තිබේ. ඇමරිකානුවන්ගෙන් බහුතරය එයින් විඩාපත්ව සිටිති. ඔවුන්ගෙන් තුනෙන් දෙකක් පවසන්නේ ඒ යුද්ධය නොවටිනා බව ය. කෙසේ වෙතත් තෙහෙට්ටුව සහ උදාසීනභාවය පිළිබඳ මෙම ජාතික මනෝභාවය, ලෝකය තුළ ඇමරිකාවේ අනාගත භූමිකාව සම්බන්ධයෙන් දුර්වල මගපෙන්වීමකි. නමුත් පශ්චාත් 9/11 යුගයෙන් නිවැරදි පාඩම් ඉගෙන ගන්නේ නම්, එහි විභවයන් බලවත් ව පවතිනු ඇති අතර, 21 වන සියවස සඳහා උපාය මාර්ගයන් නැවත සකස් කර ගත හැකි වනු ඇත.

ලෝකය සිටින්නේ එක්කෝ ඇමරිකාව සමගයි, නැතිනම් ඇමරිකාවට විරුද්ධවයි.

ඇමරිකානු බිමේ මිනිසුන් 3,000 ක් දෙනා ඝාතනය කිරීම මගින් ඇමරිකාවේ ‘ඒකීය ධ්‍රැවීය මොහොත‘ ඉස්මතු කළ ප්‍රතිචාරයක් අවුළුවා තැබුවේය. නොසිඳෙන බලයක් සහිත වීම ලෙසට එක මොහොතකට එය පෙනී ගියේය. ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සඳහන් කළේ ලෝකය සිටින්නේ එක්කෝ ඇමරිකාව සමග, එසේත් නැතිනම් ඇමරිකාවට එරෙහිව බවයි. ද්විත්ව කුලුනට පහර දීම, තමන්ගේ සියලු සාමාජිකයන්ට එල්ල වූ ප්‍රහාරයක් යැයි නේටෝ සංවිධානය පැවසුවේය. රුසියානු මිලිටරි සහාය ලබාදෙන බවට ව්ලැදිමිර් පුටින් පොරොන්දු විය. එවකට ජාතික ආරක්ෂක උපදේශකවරිය වූ කොන්ඩොලීසා රයිස්, මෙය ශීතල යුද්ධයේ සැබෑ අවසානය බව කීවාය. ඇමරිකාවේ නායකත්වයෙන් යුත් හමුදාව තලෙයිබාන් සටන්කාමීන් පරාජය කිරීම විසින් නව ආකාරයක ‘යන්තම් ස්පර්ශ කළ සැහැල්ලු යුද්ධයක්‘ බව පෙනිණි. සැප්තැම්බර් 11 දායින් දින 63කට පසුව කාබුල් ඇදවැටුණේය. එතැන් පටන් නොකඩවා ජයග්‍රහණ වාර්තා විය. ත්‍රස්ත විරෝධී පරිශ්‍රමයන් වැඩි දියුණු කෙරිණි. ඔසාමා බින් ලාඩන් මළේය. ඇමරිකාව විසින් මෙතරම් සාර්ථක ලෙස මෙහෙයවූ දුරස්ථ මෙහෙයුමක් තවත් නැත. ලෝවර් මැන්හැටන් කලාපය විලාසිතාකාරී ලෙස නැවත ඉදි කෙරිණ.

විනාශකාරී ආයුධ මිරිඟුව

නමුත් සැප්තැම්බර් 11 වැනිදාව සම්බන්ධයෙන් වූ ප්‍රතිචාරයන්ගේ උරුමයෙන් වැඩි කොටස කටුක එකක් විය. අල්-කයිඩාව වනසා දැමීමේ මෙහෙයුම, රෙජීම් වෙනස් කිරීම සහ ජාතිය ගොඩනැංවීමේ ආශාවක් බවට පරිවර්තනය වූයේ ඇෆ්ඝනිස්ථානයේ දී සහ ඉරාකයේ දී විශාල මනුෂ්‍ය සහ මූල්‍යමය පිරිවැයක් සහිත, අවධාරණය නොවූ ප්‍රතිඵල ලබාදෙමිනි. ඉරාකයේ ‘මහා විනාශකාරී ආයුධ‘ (weapons of mass destruction) මිරිඟුවක් විය. ඇමරිකාව වධහිංසාව නොකළ යුත්තක් යැයි තිබූ සම්මුතිය කඩා දැමූ අතර, සදාචාරාත්මක ලෙස පිරිහුණේය. හමුදාව මැදිහත් විය යුත්තේ කුමන අවස්ථාවේදී දැයි තිබූ මූලික, මායාවී අපැහැදිලිත්වයේ හැඟීම, අතීරණාත්මක බව දක්වා බොඳ වුණේය. උදාහරණයක් වශයෙන්, 2013 වසරේදී සිරියාව රසායනික අවි භාවිත කළ විට මෙය සිදුවිය. දේශය තුළ පැවති සමගිය පිළිබඳ හැඟීම ක්ෂණිකවම වාෂ්ප වී ගිය අතර, උසස් ආකාරයක ආණ්ඩු තනන බවට කළ කියාපෑම, ඇමරිකාවේ විසකුරු තීරණ විසින්ම විහිළුවක් බවට පත් කෙරිණ. මැද පෙරදිග මඩ ගොහොරුව, 21 වන සියවසේ චීනයේ නැගීම පිළිබඳ සත්‍ය කතාවෙන් අවධානය වෙනතකට යොමු කළේය.

සයිගොන් ඇද වැටීමට වඩා අන්තයි

කාබුල් නුවරදී බයිඩන් ලැබූ පරාජය, මේ කතාවේ දරුණු එපිලෝගයක් හෙවත් ‘හමාර කීම‘කි. ඇතැමුන් එය ඇමරිකාවේ අසමත් කමක් ලෙස පමණක් නොව බැසයාමක් ලෙස ද දකිනු ඇත. එය එතැනින් ද බොහෝ දුර යයි. සයිගොන් නුවර ඇද වැටෙන විට බටහිර ලෝකය ශීතල යුද්ධය පරාජය වූයේ නැත. තවද විවිධ බෙදීම්, ණය සහ යටිතල පහසුකම් ජරාජීර්ණ වීම වැනි ඇමරිකාවේ බලයේ විවිධ පැතිකඩවල අඩුපාඩුවලට එයින් බලපෑමක් සිදුවූයේ නැත. ඇමරිකාවේ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය වන 25%, 1990 දශකයේ පැවති ආකාරයට තවදුරටත් පැවතිණි. තවමත් ඇමරිකාව තාක්ෂණික වශයෙන් සහ හමුදාමය වශයෙන් පෙර පරිදිම කීර්තිමත් ය. මහජන මතය කුමක් වුවත් ඇමරිකානු අභිලාෂයන් එහි 1930 දශකයේ පැවති හුදෙකලාව අවධියට වඩා බෙහෙවින් ගෝලීය ය. විදෙස් පුරවැසියන් මිලියන 9 ක්, වාණිජ්‍යය මගින් සපයනු ලැබූ රැකියා මිලියන 39 ක් සහ ඩොලර් ට්‍රිලියන 33 ක විදේශ වත්කම් සමග ඇමරිකාවට විවෘත ලෝකයක් සඳහා ප්‍රබල අභිලාෂයක් තිබේ.

බයිඩන් සහ ට්‍රම්ප් අතර චීනය සම්බන්ධයෙන් වෙනසක් තිබේද?

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය බරාක් ඔබාමාගේ පාලන සමයේදී විතැන් විය. ඔබාමා ආසියාව වෙත ‘හැරීමට‘ සහ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ තක්සේරුවකට ලක් කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය පිළිබඳ ඇමරිකාවේ මායාවන් අවසන් කිරීමට උපකාර කළ නමුත් බෝම්බ හෙළීම සහ ඩීල්ගනුදෙනු වෙත ඔහු යොමුවීම විපතක් විය. විදේශ කටයුතු හා උපදේශනය මගින් බයිඩන් සිද්ධාන්තයක් සැකසීමේ දීර්ඝ අත්දැකීම් සහිත ජෝ බයිඩන් මේ කෑලි සියල්ල එකින් එක අහුළා ගැනීමට මනා සේ සුදුසුකම් ඇත්තෙකු විය. බයිඩන් පරිපාලනයේ අරමුණු වන්නේ සදාකාලික යුද්ධ අවසන් කිරීම, ආසියාව දෙසට හැරීම, සයිබර් ආරක්‍ෂාව වැනි නව ක්ෂේත්‍රයන් හසු කර ගැනීම සහ ගෝලීය සන්ධානයන් නැවත ගොඩ නැගීමයි.

‘ද ඉකොනොමිස්ට්‘ මේ න්‍යායපත්‍රයට බොහෝ දුරකට සහාය පළ කරන්නේ, දේශගුණික විපර්යාස වැනි 21 වන සියවසේ ප්‍රමුඛතාවන් අඩු වශයෙන් අවධාරණය කරමින් නොවේ. කාන්තා අයිතිවාසිකම් වෙත බයිඩන් පරිපාලනයේ ආකල්පය, එහි පූර්වගාමීන්ට වඩා යහපත් අතර, බොහෝ අය අවබෝධ කර ගන්නා තරමට වඩා එය භූ දේශපාලනයට බලපෑම් කරනු ඇත. නමුත් බයිඩන් සිද්ධාන්තයේ වැදගත් මූලධාතු කණස්සලුසහගත ලෙස අපැහැදිලි ය. ඇෆ්ගනිස්ථානය අතහැර දැමීම, ඒ පිළිබඳ මද වශයෙන් පමණක් අදහස් විමසීමට ලක් කළ සගයන් ව කෝපයට පත් කර තිබේ. චීනය සම්බන්ධ එදිරිවාදී ප්‍රවේශය විසින් දේශගුණික විපර්යාසයට දක්වන අවධානය බොඳ කර දමනු ඇත.

ඡන්ද දායකයන් සතුටු කිරීම

පමණ ඉක්මවා ක්‍රියාත්මක වන සිද්ධාන්තය, ඇමරිකාව එහි මධ්‍යම පන්තිය වෙත සේවය කළ යුතු යැයි අවධාරණය කිරීමක් වේ. ‘‘විදේශයන්හිදී අපේ හැසිරීම් සම්බන්ධ සියලු ක්‍රියාවන්වලදී අප ඇමරිකාවේ වැඩ කරන පවුල් සිතේ තබාගත යුතුය‘ යැයි ඔහු කියා ඇත. වෙළඳාම, දේශගුණය සහ චීනය සමකාලික වශයෙන් දේශීය සහ විදේශීය වශයෙන් වැදගත් කාරණා වේ. එක් පසෙකින් එක් දෙයක් සුපැහැදිලි ය. සියලු රටවල් ස්වකීය අභිලාෂයන් වෙනුවෙන් දීර්ඝ කාලීන ලෙස වැඩ කරන අතර, දේශීය වශයෙන් ශක්තිමත් බව විදේශයන් හි ශක්තිය පිළිබඳ පූර්ව අවශ්‍යතාවයක් වේ. කෙසේ වෙතත් දේශීය ප්‍රේක්ෂකාගාරය පිනවීම සඳහා ලෝකය ගැන තීරණ ගැනීම දැනටමත් ප්‍රශ්න ඇති කර තිබේ.

ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම පිළිබඳ කෘත්‍රිම අවසන් දිනය (සැප්තැම්බර් 11) තිර කරනු ලැබුවේ දේශීය ඡන්ද දායකයන් සතුටු කිරීම පිණිස ය. සියලු භටයන් ඉවත් කර ගැනීමේ තීරණයේදී ඇමරිකානු බල ඇණියට තලෙයිබානය විසින් බලය අල්ලා ගැනීම නතර කළ හැකිව තිබිණි යන යථාර්ථය නොතකා හැරිණි. කෝවිඩ්-19 වසංගතය තුළ ලෝකය පුරා ඇමරිකාවේ බලය විදහා දැක්වීමටත් හොඳ හිත පැතිරවීමටත් තිබූ අවස්ථාව මග හැරී ගියේ ගෝලීය එන්නත්කරණ වැඩපිළිවෙළක් දියත් කිරීමට අපොහොසත් වීම තුළිනි.

බයිඩන්ගේ දේශීයත්ව පක්ෂග්‍රාහීත්වය විසින් ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය අකාර්යක්ෂම කිරීමට ඉඩ ඇත. ඇමරිකාව චීනය සමග සහයෝගී ලෙස පැවතීමට නව මං සොයාගත යුතු වන්නේ, වෙනස් ක්ෂේත්‍රයන් හි සතුරුකාරී බව හා සහයෝගය එක්තැන් කරමිනි. තවමත් බයිඩන්ගේ චීන ප්‍රතිපත්තිය ට්‍රම්ප්ගේ චීන ප්‍රතිපත්තියට සුවිශේෂී ලෙස සමාන වී ඇත්තේ විටින් විට බදු පැනවීම හා ශුන්‍ය-මූල්‍ය තරගයේදී වාචාල වීම මගිනි. චීනය සමග එදිරිවාදීකම කොංග්‍රසය සහ මහජනතාව සමගි කළ හැකි දේවල් ස්වල්පය අතරින් එකක් බව බයිඩන් දනියි. 45%ක් ඇමරිකානුවන්, ඇමරිකාවේ පරම සතුරා ලෙස දකින්නේ චීනයයි. 2001 වසරේදී මෙම ප්‍රතිශතය 14%ක් විය.

විදේශයන් හි මානව හිමිකම් සුරැකීමට ඇමරිකාව හමුදා බලය යෙදවිය යුතුයි!

විදේශයන් හි මානව හිමිකම් සුරැකීම සඳහා සිය හමුදා බලය යෙදවීම ඇමරිකාව විසින් තවදුරටත් කළ යුතුය. මේ පිළිබඳ තීරණයක් ගැනීමේ ආසන්නයටම බයිඩන් පැමිණ සිටියි. සාහසික ඒකාධිපතීන් ලෝකය දැක තිබේ. බයිඩන්, ඇමරිකානු සන්ධානය සමාලෝචනයට ලක් කිරීමට නිවැරදි ලෙස අරමුණු කරයි. මෙමගින් බහුවිධ බලපෑම් සිදුකළ හැකි වනු ඇත. නමුත්, තවමත්, මේ ආරක්ෂණවාදය ඇමරිකාවේ මුල් පෙළේ මහජන ගිවිසුම්වල පටන් අර්ධසන්නායක සහනාධාරවල ඩොලර් බිලියන 50 ක් දක්වා ක්ෂේත්‍රයක ඇමරිකානු සහයෝගීන්ට රිදවයි. ඔහුගේ පරිපාලනය, චීනය ට පිළිතුරු දිය හැකි අංගසම්පූර්ණ ආසියානු වෙළඳ ගනුදෙනුවක් ගැන දක්වන්නේ අල්ප උනන්දුවකි.

විදේශ ප්‍රතිපත්තිය, උපාය මාර්ගයන් තරමටම විවිධ සිද්ධි මගින් මෙහෙයවේ. බයිඩන් දුවමින් සිටින්නේ සානුකම්පිත ගතානුගතිකවාදයේ වේදිකාවක් මත මිස, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක වේදිකාවක් මත නොවේ. අනීතිය යුගයකට දක්වන ප්‍රතිචාරය බයිඩන් විසින් වැඩිදියුණු කර ගත යුතුය. නමුත්, දේශීය අභ්‍යන්තර දේශපාලනයට දෙවැනි වූ විදේශ ප්‍රතිපත්තියක් විසින්, ඇමරිකාව ලෝකය මෙහෙයවනු ඇතැයි කළ ප්‍රකාශය පුනර්ජීවනය කරනු ඇතැයි ඔහු නොසිතිය යුතුය.

THE ECONOMIST



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි