ජූලි මස 4වන දින ඇමරිකන් නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් චිකාගෝ නගරය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් අත්අඩංගුවට පත් 21ක් හැවිරිදි රොබට් ක්‍රිමෝ මේ වන විට මිනීමැරුම් චෝදනා හතක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.
හයිලන්ඩ් පාර්ක් හි දී අධි බලැති රයිෆලයකින් උණ්ඩ 70ක් සෙනඟ වෙතට එල්ල කිරීම හේතුවෙන් හත් දෙනෙක් මිය ගිය අතර තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. ඔහුගේ නිවසේ තිබී තවත් ගිනි අවි තුනක් ද සොයාගෙන ඇති අතර සැකකරුට මීට පෙර චෝදනාවන් දෙකක් තිබියදී පසුගිය වසර තුළ තවමත් තුවක්කු පහක් මිලදී ගැනීමට හැකි වූයේ කෙසේ දැයි පොලිසිය සැක පල කෙරේ.
21ක් හැවිරිදි රොබට් ක්‍රිමෝ 2019 අප්‍රේල් මාසයේදී ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කර “සියල්ලන්ව මරා දමන ලෙස” ප්රචණ්ඩ තර්ජන කර ඇති බව පැවසූ පවුලේ සාමාජිකයෙකු විසින් පොලිසියට කැඳවන ලදී. පොලිසිය එහිදී ඔහුගේ නිවසේ තිබී පිහි 16ක්, කිනිස්සක් සහ කඩුවක් අත්අඩංගුවට ගෙන ඇත. නමුත් මෙම පුද්ගලයා සම්බන්ධව ඉදිරි විමර්ශන සිදුව නැත.
රොබට් ක්‍රිමෝ බදාදා (06) උසාවියට ඉදිරිපත් කරනු ඇත.
සශිකලා මධුෂාණී_