×

ඩාරියා ඩුගින්ගේ මරණය සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා.

රුසියාවේ FSB අංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ යුක්‍රේන විශේෂ සේවා විසින් ජූලි මස මැද සිට මෙම බෝම්බ ප්‍රහාරය සූදාන්ම් කළ බවත් පුටින්ගේ ''මොළය'' වශයෙන් හඳුන්වන ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ වෙනුවෙන් ඉලක්ක වූ බවත්ය.


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සඟයෙකු වන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ 29 හැවිරිදි දියණිය වන ඩාරියා ඩුගින් මොස්කව් අසලදී ඇය පදවාගෙන ගිය මෝටර් රථය පුපුරා යාම හේතුවෙන් සෙනසුරාදා(20) මිය ගියාය.


රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB)මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් වගකිව යුත් බවට යුක්රේනයට සෘජුවට චෝදනා කර තිබේ. යුක්රේනය මෙම චෝදනාවන් ප්‍රතික්ෂප කර ඇති අතර රුසියාවේ FSB අංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ යුක්‍රේන විශේෂ සේවා විසින් ජූලි මස මැද සිට මෙම බෝම්බ ප්‍රහාරය සූදාන්ම් කළ බවත් පුටින්ගේ ”මොළය” වශයෙන් හඳුන්වන ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ වෙනුවෙන් ඉලක්ක වූ බවත්ය.

ඇලෙක්සැන්ඩර් ඩුගින් රුසියාවේ යුරෝපීය විරෝධී ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස හඳුන්වන ජාතිවාදී මතධාරියෙකි. සෙනසුරාදා මොස්කව් අසල උත්සවයකදී ආරාධික දේශනයක් කළ ඇලෙක්සැන්ඩර් ඩුගින් සිය දියණියක් සමඟ එකම මෝටර් රථයෙන් යාමට සැළසුම් කර තිබූ මුත් අවසන් මොහොතේ ඔවුන්ගේ සැලසුම් වෙනස් කර තිබිණ.
රුසියානු විමර්ශකයින් වාර්තා කර තිබුණේ ඩාරියා ඩුගින් ධාවනය කරමින් සිටි ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථයට යටින් පුපුරණ ද්‍රව්‍යයක් සවි කර තබා එය පුපුරුවා හැරීමෙන් පසු වාහනයත් සමඟ ඇය මිය යාමට සැළැස්වූ බවයි.


ඩාරියා ඩුගින් යුක්රේනය රුසියානු ආක්‍රමණයට හඬ නැගූ ආධාරකාරියකි. ඇය යුක්රේන යුද්ධය හා සම්බන්ධ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජූලි මාසයේදී එක්සත් රාජධානියෙහි සම්බාධකවලට පවා යටත් වු තැනැත්තියකි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : පුටින්ගේ සමීපතමයකු වන ඩාරියා ඩුගින් මිය යයි.
https://outboundtoday.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%b8%e0%b7%85%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a9/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි