×

පුටින් යක්ෂාවේස වෙයි. යුක්රේනයට පිට පිට මිසයිල 75ක්

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ සෙනසුරාදා රුසියාව ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපයට සම්බන්ධ කරන පාලමට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස යුක්රේන බලශක්ති, මිලිටරි සහ සන්නිවේදන යටිතල පහසුකම්වලට එරෙහිව තම රට දිගු දුර මිසයිල දියත් කළ බවයි.


යුක්රේනය හා රුසියාව යා කරන Kerch පාලම යුක්රේනුවන් විසින් ට්‍රක් රථ බෝම්බයක් මඟින් විනාශ කිරීමෙන් දිනකට පසු යුක්රේනයයේ අගනුවර හා නගර කිහිපයක් පුරා පිපිරීම් මාලාවක් සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාව විසින් කියෙව් ප්‍රධාන Lviv, Kharkiv, Ternopil, Khmelnytskyi, Zhytomyr සහ Kropyvnytskyi ඇතුළු තවත් ස්ථාන ගණනාවකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර අද උදෑසන සිට එලෙස එල්ල කරන ලද මිසයිල සංඛ්‍යාව 75ක් පමණ වන බව යුක්‍රේන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් Valeriy Zaluzhnyi සඳුදා ට්විටර්හි සඳහන් කර ඇත.

පසුගිය මාස අටකට ආසන්න කාලයේදී මෙය සුවිශාල පහර දීමක් වශයෙන් යුක්රේන ආරක්ෂක අංශ වාර්තා කර ඇති අතර, ප්‍රහාර මාලාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ වන විට යුක්රේනයයේ කියෙව් අවට මගී ප්‍රවාහණය ඇණ හිට ඇති අතර ප්‍රදේශ රැසක විදුලිය හා ජල සැපයුම ඇනහිට ඇත. මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියාව තමන්ව පෘථිවියෙන් මුලින්උපුටා දැමීමට සූදානම් වන බවයි.

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ සෙනසුරාදා රුසියාව ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපයට සම්බන්ධ කරන පාලමට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස යුක්රේන බලශක්ති, මිලිටරි සහ සන්නිවේදන යටිතල පහසුකම්වලට එරෙහිව තම රට දිගු දුර මිසයිල දියත් කළ බවයි.

අද උදෑසන පැවැත් ආරක්ෂක හා අභ්‍යන්තර කටයුතු රැස්වීමකදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියාවේ න්‍යෂ්ටික බලාගාරයකට සහ රුසියාවේ සිට තුර්කිය දක්වා දිවෙන ටර්ක්ස්ට්‍රීම් ගෑස් නල මාර්ගයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේනය සූදානම් වන බවයි. යුක්රේනය විසින් එසේ කරන්නේ නම් රුසියානු සමූහාණුඩුවට කරන තර්ජනයක් ලෙස සලකා බවන බවත්, එහි ප්‍රතිඵල වඩාත් භයානක වනු ඇති බව රුසියනු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

යුක්රේනයේ සටන් උත්සන්න වීම මධ්‍යයේ, බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ නිවේදනය කර තිබුණේ තමන් සහ පුටින් ඒකාබද්ධව කලාපීය හමුදා කණ්ඩායම් යෙදවීමට සූදානම් බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :https://outboundtoday.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%ba/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි