×

ජපානය, ඇමරිකාව සහ යුරෝපය එක්ව චීනය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි- ෆුමියෝ කිෂිඩා

ජනාධිපති බයිඩන් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපය විශාල වශයෙන් ජපානයේ ආරක්ෂාවට කැපවී සිටින බවයි.


චීනයේ වැඩෙන අභියෝග හමුවේ ඇමරිකාව ජපානය හා යුරෝපය එක්ව කටයුතු කළ යුතු බව ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයා බීජිං වෙතින් වැඩෙන අභියෝග හමුවේ එක්සත් ජනපදය හා ජපාන සන්ධානයේ සහයෝගීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඊයේ(13)දිනයේදී වොෂින්ටන් වෙත පියාසර කළ අතර ජෝන්ස් හොප්කින්ස් උසස් ජාත්‍යන්තර අධ්‍යයන පාසලේදී කළ කතාවකදී ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබිණ.

අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ජපානයේ ආරක්ෂාව හා සම්බන්ධයෙන් විශේෂ හමුවක් ජනාධිපති ජෝ බයිඩන් සමඟ පවත්වනු ලැබීය.

ජපානයේ සෙන්කාකු වශයෙන්ද චීනය ඩයඕයු ලෙස හැඳින්වෙන නැගෙනහිර චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති දූපත් අසල චීනයේ මිලිටරි ක්‍රියාකාරකම් පිළිබඳව ජපානයේ කනස්සල්ල කිෂිඩා විසින් ප්‍රකාශ කළ අතර ජනාධිපති බයිඩන් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපය විශාල වශයෙන් ජපානයේ ආරක්ෂාවට කැපවී සිටින බවයි.

ජපානය විසින් පසුගිය මාසයේ ලෝක යුද්ධයෙන් පසු එහි විශාලතම මිලිටරි ශක්තිව වර්ධන කිරීමේ අරමුණෙන් චීනය සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන වෙනුවෙන් 2023 සඳහා සිය ආරක්ෂක අයවැය වාර්තාගත යෙන් ට්‍රිලියන 6.8 (ඩොලර් බිලියන 55) වෙන් කළ අතර මෙය බයිඩන්ගේ ප්‍රසංශාවට ලක්විය.

ජපාන විදේශ සහ ආරක්ෂක ඇමතිවරුන් සහ ඔවුන්ගේ එක්සත් ජනපද සගයන් අතර මෙම සතියේ පැවති සාකච්ඡා වලදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අභ්‍යවකාශ ප්‍රහාර පිළිබඳව ඔවුන්ගේ අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරට එකඟව ඇත.

එමෙන්ම මෙම නව ආරක්ෂක ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, දැනට එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ අවි ගබඩාවල පමණක් ඇති Tomahawk කෲස් මිසයිල සිය ගණනක් මිලදී ගැනීමට ජපානය අපේක්ෂා කරන අතර එමඟින් තමන්ට තර්ජනයක් වන මිසයිල සඳහා දියත් කරන ස්ථානවලට පහර දීමට හැකි වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි