බ්‍රසීලයේ වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඔහුගේ පූර්වගාමියා වන ජෙයාර් බොල්සනාරෝ යටතේ ඉහළ ගිය වන විනාශය නැවැත්වීමට උත්සාහ කරමින් සිටින විටදී පවා පසුගිය වසරට සාපේක්ෂව ගෙවුනු ජනවාරි හා මාර්තු දක්වා කාලය තුළ වන විනාශය 11%කින් ඉහළ ගොස් ඇති බව INPE ජාතික අභ්‍යවකාශ පරීක්ෂණවල චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කර තිබේ.
ඒ අනුව පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 14%ක වන විනාශය ඉහළ යාමකි.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය පාරිසරික කණ්ඩායම් දේශගුණ නිරීක්ෂණාගාරයේ ප්‍රධානියා වන මාර්සියෝ ඇස්ට්රිනි, රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබුණේ වන විනාශය පිළිබඳව සංඛ්‍යා දත්තයන්ට අනුව ඇමසන් තවමත් විශාල පාලනයේ හිඟයකින් පෙළෙන බවත් පසුගිය රජය විසින් මුළුමනින්ම විනාශ කරන ලද පාරිසරික අපරාධ මර්දනය කිරීමේ හැකියාව නැවත ගොඩනැගීමට නව රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බවත්ය.
ජනවාරි 1 වන දින ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ප්‍රකාශ කරනු ලැබුවේ වන විනාශය මර්දනය කිරීමට සහ එහි නැගීම සඳහා හේතු වන නීති විරෝධී ව්‍යවසායන්ගෙන් ආදිවාසීන් ආරක්ෂා කිරීමට තමන් පොරොන්දු වන බවයි.
කෙසේ නමුත් වනාන්තර විනාශයට දායක වන බොහෝ නීති විරෝධී ව්‍යාපාරික ක්‍රියාකාරකම් වසර කිහිපයකට හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ විසින් ලිහිල් කිරීම හරහා වත්මන් රජය විසින් වන විනාශයට එරෙහිව බරපතල ලෙස සටන් කිරීමට උත්සහ කරනු පෙන්නුම් කර ඇතත්, තත්වය වෙනස් කිරීමට කාලය ගතවනු ඇති බව ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදලේ (WWF) සංරක්ෂණ කළමනාකාරිනී මරියානා නැපොලිටානෝ සඳහන් කර තිබේ.
සශිකලා මධුෂාණී_