×

පැසිෆික් සාගරයේ 7,7ක භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය විසින් පැසිෆික් සාගරයේ රටවල් සඳහා සුනාමි අනතුරු අඟවීම් නිකුත්කර තිබේ.


පැසිෆික් සාගරයේ කිලෝමීටර් 37ක් (සැතපුම් 23ක්) ගැඹුරින් වාර්තා වූ රිච්ටර්මාපකාංග 7.7ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය විසින් පැසිෆික් සාගරයේ රටවල් සඳහා සුනාමි අනතුරු අඟවීම් නිකුත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමට සුනාමි තර්ජනයක් නොමැති නමුත් ටස්මන් මුහුදේ සිඩ්නි සිට කිලෝමීටර 780 ක් (නාවික සැතපුම් 421) ඊසාන දෙසින් පිහිටා ඇති ලෝඩ් හෝව් දූපත තර්ජනයට ලක්ව ඇති බවයි.

නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය විසින් නිවේදනය කර තිබුණේ, වෙරළ ප්‍රදේශවලින් සහ වරායන්, ගංගා හෝ මෝයවලින් ඉවතට යන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇති බවයි.

මීට අමතරව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ ෆීජි, කිරිබති, පැපුවා නිව්ගිනියාව, ගුවාම් සහ අනෙකුත් පැසිෆික් දූපත් සඳහා කුඩා රළ ඇතිවීමේ අවධානමක් ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි