මෙම තල්මසුන් ද පෙර සිද්ධියේදී මෙන්ම පයිලට් වර්ගයේ තල්මසුන් වේ.
නවසීලන්තයේ චැතම් දූපත් (Chatham Islands)වල නොගැඹුරු හැන්සන් බොක්ක (Hanson Bay) වෙත පැමිණි 90 කට අධික තල්මසුන් පිරිසක් අතරින් නැවත දියඹ කරා පිහිනා යාමට අසමත් වී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ.
මෙහිදී බේරාගත හැකි තත්වයෙන් සිටි එකම එක තල්මසා ද, අධික තුවාළ හේතුවෙන් බරපතළ තත්වයෙන් පසුවිය. ඒ නිසා එම තල්මසාට වේදනාකාරී මරණයක් අත් කර නොදීම සඳහා කළ හැකිව තිබුණේ එන්නතක් ලබාදීමයි.
‘‘අපේ පැත්තෙන් කළ හැකිව තිබූ එකම මානුෂීය දේ එයයි. එය කොතරම් අමානුෂික වුණත් වෙන කරන්නට දෙයක් තිබුණේ නැහැ..‘‘ යැයි චැතම් දූපතේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
පෙර සිදුවීමේදී මෙන්ම මෙහිදී ද ස්වදේශික මාඕරි ගෝත්රිකයන් සමග එක්ව තල්මසුන්ගේ භූමදාන කටයුතු සිදුකරනු ලැබේ.
චැතම් දූපත පිහිටා තිබෙන්නේ නවසීලන්තයේ සවුත් අයිලන්ඩ් හි සිට කිලෝමීටර 800 ක් දුරිනි. පයිලට් තල්මසුන් 145 දෙනෙක් මිය ගිය ස්ටුවට් දූපත පිහිටා තිබෙන්නේ ද එයට නුදුරිනි.
තල්මසුන් මේ ආකාරයෙන් වෙරළට ගොඩ ගසා ගෙන ඒම සහ අනතුරුව මරණයට පත් වීම නවසීලන්තයට අලුත් අත්දැකීමක් නොවේ. නමුත් මෙතරම් විශාල ප්රමාණවලින් තල්මසුන් ගොඩ ගසන්නේ ඉඳහිට ය.
පෙර ලිපිය-
නවසීලන්ත වෙරළේ තල්මසුන් 140කගේ මළ කඳන්