×

ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

ඩ්‍රෝන ප්‍රහාරයකින් ක්‍රියාන්විතයේ නියුතු ජගත් සාම සාධක හමුදා නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ක්‍රියාන්විතයේ නියුතු ජගත් සාම සාධක හමුදා නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට සාම සාධක හමුදා නිලධාරීන් තුන් දෙනාට අමතරව භාෂා පරිවර්තකයෙකු ද මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව සදහන් වේ.

ජගත් සංවිධානය නිවේදනය කරන්නේ, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

ඊශ්‍රායලය පවසන්නේ, කෙසේ වුවද ප්‍රහාරයට තම කිසිදු සම්බන්ධයක් නොමැති බවයි .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි