×

ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්!

පෙබරවාරි 29 වන දින වන විට රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට පාර්ලිමේන්තුවට තේරීපත් වු පක්ෂවලට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ දී පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැති අතර, මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්,  නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් බූතෝ ආසන 54ක් ජයග්‍රහණය කිරීමට සමත්විය.

රජයක් පිහිටුවීම සදහා නවාස් ෂරීෆ් හා බිලාවල් බූතෝ ගිවිසුම් ගත වු අතර ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ෂෙබාෂ් ෂරීෆ් නම් කෙරුණු අතර, පාර්ශව දෙකම රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කළ ද කිසිදු පාර්ශවයක් මේ වන තෙක් බහුතර බලයක් පෙන්වා නොමැත.

පෙබරවාරි 29 වන දින වන විට රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට පාර්ලිමේන්තුවට තේරීපත් වු පක්ෂවලට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි