×

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ.

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ, ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් උම්ම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි