×

වර්ෂාව හේතුවෙන් දකුණු කොරියාවේ 26 දෙනෙකු මරුට

පවතින වර්ෂා තත්වය එළැඹෙන බදාදා දින දක්වා පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.


දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර, නාය යෑම් සහ ප්‍රධාන වේල්ලක් පිටාර ගැලීම හේතුවෙන් මරණ 26ක් අතුරුදන් වූවන් 10දෙනෙකු වාර්තා වේ.

දකුණු කොරියානු මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, මිහෝ ගඟේ ඉවුර කඩා වැටීමෙන් මිනිසුන්ට ගැලවීමට නොහැකි තරම් වේගයෙන් ගංවතුර චියොන්ජු උමඟ හරහා ගලා ගිය බවත්, බස් රථය සහ මෝටර් රථ 12 ක් ඇතුළුව වාහන 15 ක් උමග තුළ සිරවී ඇති මුත් ඒ වෙත ළඟා වීමට සහන කරුවන් මහත් පරිශ්‍රමයක් දරා ඇතිමුත් එය සාර්ථක වී නොමැති බවත්ය.

බොහෝ මරණ සිදුව ඇත්තේ කඳුකර උතුරු ග්යොංසාං ප්‍රදේශයේ වන අතර, නායයෑම්වලින් නිවාස රැසක් විනාශ වී ඇත. වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමෙන් පසු පදිංචිකරුවන් 6,400 ක් පමණ ඉවත් කර ඇති අතර වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක් මෙන්ම ඒවා සම්බන්ධ කරන මාර්ග රැසක්ද ජලයෙන් යටවීම නිසා ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටියි.

රටතුළ සියලුම මන්දගාමී දුම්රිය සහ සමහර බුලට් දුම්රිය අත්හිටුවන බව විවේදනය කර ඇති අතර බුලට් සේවා අඩාල වන බව පවසා තිබේ.

පවතින වර්ෂා තත්වය එළැඹෙන බදාදා දින දක්වා පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර ඇති අතර මෙය බරපතල අනතුරුදායක තත්වයක් බවට ඔවුන් පුරෝකතන ඉදිරිපත් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි