×

අද (04) අලුයම ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පන දෙකක්!

සටහන – රෂිකා හෙන්නායක. ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ අද (04) අලුයම ප්‍රබල භූ කම්පන දෙකක් සිදු වී ඇති බව වාර්තා වේ. එක් භූ කම්පනයක් අද අලුයම 12.28ට පමණ ෆයිසාබාද් සිට කිලෝමීටර් 100ක් දුරින් රිච්ටර් මාපාංක 4.4කින් යුතුව සිදු ව ඇති බව සඳහන් වේ. අනෙක් භූ කම්පනය සිදුව ඇත්තේ ෆයිසාබාද් සිට කිලෝමීටර 126ක් දුරින් […]


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ අද (04) අලුයම ප්‍රබල භූ කම්පන දෙකක් සිදු වී ඇති බව වාර්තා වේ.

එක් භූ කම්පනයක් අද අලුයම 12.28ට පමණ ෆයිසාබාද් සිට කිලෝමීටර් 100ක් දුරින් රිච්ටර් මාපාංක 4.4කින් යුතුව සිදු ව ඇති බව සඳහන් වේ.

අනෙක් භූ කම්පනය සිදුව ඇත්තේ ෆයිසාබාද් සිට කිලෝමීටර 126ක් දුරින් අලුයම 12.55ට පමණ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ රිච්ටර් මාපාංක 4.8කින් යුක්ත් බව පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි