×

ඇෆ්ගන් හමුදාවන්ගේ නොසැලකිලිමත් වෙඩිතැබීම් හේතුවෙන් පාකිස්ථානයේ සිවිල් වැසියන් හය දෙනෙකු මරුට

පසුගිය නොවැම්බරයේ සිදුවූ මාරාන්තික වෙඩි තැබීමකින් චමන් දේශසීමාව දින අටක් වසා දැමූණු අතර, එමඟින් විශාල වාණිජමය අලාභයක් සිදු විය.


නිරිතදිග පකිස්ථානයේ චමන් හෙවත් දෙරට අතර වෙළඳාම සඳහා වන ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයේ ඇෆ්ගන් හමුදාවන්නේ නොසැලකිලිමත් වෙඩි තැබීම් හා පිපිරීම් ගණනාවක් හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථාන හමුදාව මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.


ඇෆ්ගන් ප්‍රහාරයට පෙරලා පාකිස්ථාන හමුදාවන් ප්‍රතිචාර දක්වා තිබුණද ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනාවරණය නොවන අතර කන්දහාර් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෆීස් සබර් පැවසුවේ එක් ඇෆ්ගන් සොල්දාදුවෙක් මිය ගිය අතර සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් හි ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙකු වන අට්ටවුල්ලා සෙයිඩ්, පකිස්ථානු සහ තලේබාන් හමුදා අතර ගැටුම් දේශසීමාවේ ඇෆ්ගන් පැත්තේ නව මුරපොලවල් ඉදිකිරීම සමඟ සම්බන්ධ කිරීමට උත්සහ කරන බව පාකිස්ථානය පවසයි.

පසුගිය නොවැම්බරයේ සිදුවූ මාරාන්තික වෙඩි තැබීමකින් චමන් දේශසීමාව දින අටක් වසා දැමූණු අතර, එමඟින් විශාල වාණිජමය අලාභයක් සිදු විය. මීට අමතරව දහස් ගණනක් මිනිසුන් පාර දෙපස අතරමං විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි