×

පාසල් වසා දැමීමට එරෙහිව ඇෆ්ගන් දැරියන් වීදි බසියි.

යුනිසෙෆ් සංවිධානයට අනුව, ඇෆ්ගනිස්ථානයේ දැනට මිලියන තුනකට ආසන්න ගැහැණු ළමයින්ට ද්විතීයික අධ්‍යාපනය ලැබීම තහනම් කර ඇත.


වසරකට වැඩි කලක් ගැහැණු දරුවන් සඳහා අධ්‍යාපන අයිතිය කප්පාදුකර සිට පාසල් අරම්භ වී දින කිහිපයකට පසු තලේබාන් සංවිධානය විසින් නැවත පාසල් හතරක් වසා දමා ඇත. ඊට එරෙහිව පක්ටියා පළාතේ දැරියන් විශාල ප්‍රමාණයක් වීදි බැස සිය විරෝධතා දක්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස පැවැති විරෝධතාව ඉතා සාමකාමීව පැවැත්වූ නමුත් ආරක්ෂක හමුදාව විසින් ඒවා විසුරවා හැර තිබේ.

තලේබාන් සංවිධානය කාන්තාවන් හට වෙනස්කොට සැලකීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිති, රැකියා කිරීමේ අයිතිය මෙන්ම ස්වාධීනය ජීවත් වීමේ අයිතියද අවස්ථා ගණනාවකදී ඉතා අමනෝඥ ලෙස උල්ලංඝණය කර ඇත. තලේබාන් සංවිධානය කාන්තා ව්‍යාපාරයට ද සීමාවන් පනවා ඇති අතර ඔවුන් පසුගිය මාර්තු මාසයේදී, සියලුම බාලිකා ද්විතීයික පාසල් ඔවුන්ගේ පාලනය යටතට ගෙන පාසල් විවෘත කිරීමෙන් පැය කිහිපයකට පසු නැවත වසා දමා ඇත.

මීට අමතරව ප්‍රාදේශීය නායකයින් සහ පවුල්වල බලපෑම් මත රටේ සමහර ප්‍රදේශවල රජයේ පාසල් කිහිපයක් පමණක් දිගටම ක්‍රියාත්මක වන අතර, කාබුල් අගනුවර මෙන්ම කන්දහාර් ඇතුළු බොහෝ පළාත්වල පාසල් වසා දමා ඇත.

යුනිසෙෆ් සංවිධානයට අනුව, ඇෆ්ගනිස්ථානයේ දැනට මිලියන තුනකට ආසන්න ගැහැණු ළමයින්ට ද්විතීයික අධ්‍යාපනය ලැබීම තහනම් කර ඇත. මේ හේතුව නිසාවෙන්ම බටහිර විසින් ඩොලර් බිලියන ගනනක් වටිනා ඇෆ්ගන් අරමුදල් කැටි කර ඇති අතර රට ගෝලීය මූල්‍ය ආයතන වලින් බැහැර කොට ඇත. ඒ අනුව ආධාර මත යැපෙමින් සිට ඇෆ්ගන් ආර්ථිකය මේ වන විට බිඳ වැටී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේ වන විට ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක ජනතාවගෙන් අඩකට වඩා මානුෂීය ආධාර අවශ්‍ය වන අතර මිලියන හයක් සාගතයේ අවදානමට ලක්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි