×

ජීවිත 21ක් අහිමි වූ ඇෆ්ගන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය!

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෝම්බ පිපිරීම සිදු වී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර් නගර මධ්‍යයේ පිහිටි බැංකුවක් අසල බවත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාර ගෙන නැති බවත් ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, එය මේ වසරේදී ඇෆ්ගනිස්තානයේ සිදු වූ විශාලතම බෝම්බ පිපිරීම බවට එරට මාධ්‍ය සඳහන් කර ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් කර තිබේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස් වී සිටි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි