×

සැබෑ අපයෝජකයා ජොනී ඩෙප් නොව ඩෙප් අපයෝජකයකු බව ලොවට කෑගැසූ ඇම්බර් හර්ඩ් ය!

සැබවින්ම අපයෝජනයට ලක්ව ඇත්තේ හර්ඩ් නොව ජොනී ඩෙප් ය. ඔහුව හිංසනයට ලක් කර ඇත්තේ අන් කිසිවෙතුත් නොව ජොනී අපයෝජකයෙකු බව ලොවට කෑගසා කියා ඔහුට සෑම දෙයක්ම අහිමි කළ ඇම්බර් හර්ඩ් විසින්.!


ගෘහස්ථ හිංසනය යනු අතිශය ප්‍රසිද්ධ, බොහෝ දෙනා විඳවන නමුත් නිතර ප්‍රසිද්ධියේ කතා බහට ලක් නොවන මාතෘකාවකි. නමුත් අද දින ගෘහස්ථ හිංසනය මූල බීජය කරගත් මේ කථාවේ ප්‍රධාන චරිතය ට පණ පොවන්නට සිදු වී ඇත්තේ අප කවුරුත් කුඩා කළ සිටම ආදරය කළ චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි හී විලී වොන්කා නැතහොහ් පයිරට්ස් ඔෆ් දෙ කැරිබියන් හී ජැක් ස්පැරෝටය. එනම් ජොනී ඩෙප් ය.

තම හිටපු සැමියා වන ජොනී ඩෙප් තමාට අතවර කළ බවට චෝදනා කරමින් ඇම්බර් හර්ඩ් 2019 දී නිකුත් කළ ප්‍රකාශයත් සමඟ, ඩෙප්ට ආදරය කළ රසිකයන් සියල්ලම් පාහේ ඔහුව පිළිකුල් කරන්නට විය. ඔවුන්ට ඩෙප්ව එපාම විය. ඒ හේතුවෙන් සියලුම සමාජ ජාලා ඔස්සේ ඔහුව වාරණයටද ලක් විය.

ඔවුන්ගේ 2016 වසරේදී ඔවුන්ගේ දික්කසාදය ප්‍රසිද්ධ කළ අතර එය සිදු වූයේ විවාහ වී මාස 15 කට පසුව වන අතර එයට හේතුව වන්නේ හර්ඩ් විසින් ඩෙප්ට අපයෝජන චෝදනා එල්ල කිරීමයි. දික්කසාද ලියකියවිලි වලදී, හර්ඩ් චෝදනා කළේ ඩෙප් සතු චිත්තවේගීය හා ශාරීරික විෂමාචාරයයි.

“අපගේ සම්බන්ධතාවයේ මුලු කාලය තුළම ජොනී මට වාචිකව හා ශාරීරිකව හිංසා කර ඇත. මම ජොනීගෙන් අධික ලෙස චිත්තවේගීය, වාචික හා ශාරීරික හිංසනයන්ට මුහුණ දුන්නෙමි. එයට ඔහුගේ කෝපය, සතුරුකම, නින්දාව සහ තර්ජනය කිරීම්ද ඇතුළත් වේ.” ඇම්බර් හර්ඩ් පවසා සිටියාය.

2018 දී හර්ඩ් “ගෘහස්ථ අපයෝජනයෙන් දිවි ගලවා ගත් අයෙකු” ගැන ප්‍රකාශයක් නිර්මාණය කළ අතර එහි තමාව අපයෝජනයට ලක් කළ තැනැත්තා ඇගේ හිටපු සැමියා බව සදහන් කළාය. නමුත් ඇය කිසිවිටෙකත් ඩෙප්ගේ නම් එහි තුළ සදහන් නොකළා ය. එසේ නොකළද ඇයගේ හිටපු සැමියා ඩෙප් බව කවුරුත් දන්නා කරුණැක් වුණි. මෙම චෝදනාවෙන් පසු ඩෙප්ට චිත්‍රපට අවස්ථා රාශියක් අහිමි වූ අතර අවසානයේ ඔහුව සමාජ මාධ්‍ය විසින් එය අවලංගු කරන ලදී.

නමුත් ඇයගේ මෙම චෝදනා පරස්පර වන්නේ පසුගියදා අන්තර්ජාලයට නිකුත්වන ඔවුන් දෙදෙනා කළ කතාබහක හඩපටයක් සමඟයි. ඊට අනුව සැබවින්ම අපයෝජනයට ලක්ව ඇත්තේ හර්ඩ් නොව ජොනී ඩෙප් ය. ඔහුව හිංසනයට ලක් කර ඇත්තේ අන් කිසිවෙතුත් නොව ජොනී අපයෝජකයෙකු බව ලොවට කෑගසා කියා ඔහුට සෑම දෙයක්ම අහිමි කළ ඇම්බර් හර්ඩ් විසින්.!

එපමණක් නොව ඇය විසින් ඩෙප්ට කළ හිංසා රැසක් ඩෙප් වසන් කරගෙන් ජීවත් වූ ආකාරයත් මේ සමග හෙළි වී ඇත.

හර්ඩ් ඩෙප්ට පහර දී ඇති බව එම හඬපටයෙන් හෙළි වේ. ඔහුගේ මුහුණට පහර දුන් බවත්, ඔහුට භාජන හා බඳුන්වලින් පහර දුන් ආකාරය ත් එම හඬ පටයෙන් හෙළි කරයි.

නිකුත් වූ ලද හඬපටයෙන් පසුව, #JusticeForJohnnyDepp නම් හෑශ්ටගයත් සමග ඩෙප් කෙරෙහි සිය සංවේගය ප්‍රකාශ කරමින් බොහෝ දෙනෙක් ඔහුට සහායෝගය දැක්වීමට එක්ව ඇත.

එමෙන්ම කාන්තා හිංසනය ගැන පමණක්ම කථා කළ ද ලෝව පුරා කාන්තාවන් අතින් හිංසනයට ලක්වූ බොහෝ දෙනා තම දුක්බර කථා ලොවට කීමටද පටන් ගෙන ඇත.

ලෝවැසි සියලු රසිකයන් ප්‍රශ්න කර සිටින්නේ මාධ්‍යන් විසින් ඇම්බර් හර්ඩ්ට ජොනී තමාට හිංසා කළ බව සාක්ෂි රහිතව ලොවට කීමට දුන් ප්‍රචාරය අද මෙසේ ජොනීගේ නිදොස් බවත් හර්ඩ් සැබෑ හිංසකයා බවත් පෙන්වන හඩ පටයක්ම නිකුත් වී ඇති විට ලබා නොදෙන්නේ මන්ද යන්නයි. ඔවුන් ඉල්ලන්නේ එදා ජොනීගෙන් සියලු දේ ලබා ගත්තා මෙන් අද ඇයටත් එසේ කරන ලෙසයි.

මෙම හෙළි වීමත් සමග ඩෙප් හරගිය දසකුත් රසිකයන් නැවතත් ඔහුට ආදරය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් ඉල්ලන්නේ නැවතත් පයිරට්ස් ඔෆ් ද කැරිබියන් මීළග චිත්‍රපටය තුළ ඔහුව දැකීමට ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටින්න බවයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි