×

දැඩි උනුසුම නිසා පාසල් වැසේ!

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇති බවයි.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉතා දැඩි උණුසුම්කාරී දේශගුණික තත්ත්වය හමුවේ, දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු සුඩානයේ රජය ජනතාවට දැනුම් දී ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත සෙල්සියස් අංශක 45කට වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

එනිසා, රජයේ නියෝග පැහැර හැර විවෘතව තබන ඕනෑම පාසලක ලියාපදිංචිය අත්හිටුවන බවට අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි