×

ඇමසෝන්හි ඩොලර් බිලියන 4 කට වඩා වටිනා කොටස් විකිනේ

ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 190 කට වඩා වැඩි ඇස්තමේන්තුගත වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපතියෙකු වන ජෙෆ් බෙසෝස් ඇමේසන් හි ඩොලර් බිලියන 4 (පවුම් බිලියන 3.2)ක් වටිනා කොටස් විකුණා ඇති බව වාර්තා වේ.

1994 දී බෙසෝස් විසින් ආරම්භ කර ඇති ඇමසෝන් සමාගම පැවසුවේ ඉදිරි වසර තුළ ඔහු කොටස් මිලියන 50 ක කොටස් විකිණීමට සැලසුම් කර ඇති අතර ඒවා වර්තමාන මිල ගණන් අනුව ඩොලර් බිලියන 8.4 ක් පමණ වටිනා බවයි.

පළමු කොටස් මිලියන 12 විකිණීම (09)සිකුරාදා නියාමන ගොනු කිරීමකින් ප්‍රකාශයට පත් කරන ලද අතර අඟහරුවාදා(13) තවත් කොටස් මිලියන 12 ක් විකිණීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ලදී.

මේවන විට ඇමසොන්හි ශ්‍රම බලකායෙන් 20% ක් ඉවත් කිරීමට තීරණය කර ඇති ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 190 කට වඩා වැඩි ඇස්තමේන්තුගත වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි