×

වසර 3400ක් ඉපැරණි මිට්ටානී යුගයට අයත් රජ මාළිගයක් නියඟයත් සමග ඉරාකයෙන් මතු වේ

මිට්ටානී යුගයට අයත් වර්ණ භාවිත කළ පුරාවිද්‍යාතමක ගොඩනැගිලි මින් පෙර හමු වී ඇත්තේ තවත් එකක් පමණි.


වසර 3400ක් ඉපැරණි රජ මාළිගයක් ඉරාකයේ කුර්දීස් නගරයෙන් සොයා ගැනීමට හැකිව තිබේ.
නියගට හේතුවෙන් ටිගිරීස් ගංගාවේ ජල මට්ටම පහත වැටීමත් සමග මෙම ඉපැරණි මාළිගයේ නටබුන් ඉස්මතු වනු දැකිය හැකිව ඇත.


මෙම මාළිගය මිට්ටානි අධිරාජ්‍යයට අයත් එකක් බව ඉතිහාසඥයින් විශ්වාස කරන මෙම සොයා ගැනීම මෙම කලාපයේදී සිදු කළ ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු එකක් බව පැවසේ.


ගංගාවේ සිට අඩු 65ක් ඈතින් මෙම මාළිගය මුලින්ම ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ඉදිකර ඇත්තේ මැටි ගඩොල් ආශ්‍රයෙනි. කෙමුණේ නමින් හදුන්වන මෙම මාළිගය තනා ඇති මැටි ගඩොල් බිත්ති මීටර් දෙකක ඝනකමකින් යුක්ත බිත්ති වීම විශේෂත්වයකි..
මාළිගය ඇතුලත චිත්‍ර වලින් සරසා තිබූ බවටද සාක්ෂි ලැබී ඇති අතර මේ පිළිබදව විමර්ෂණය කරන පුරාවිද්‍යාඥ ඉවාන් පුල්ජිස් පවසන්නේ එම චිත්‍ර නිල්, රතු වර්ණ ප්‍රභේදයන් භාවිත කර සිදු කර තිබෙන්නට ඇති බවයි.

මිට්ටානී යුගයට අයත් වර්ණ භාවිත කළ පුරාවිද්‍යාතමක ගොඩනැගිලි මින් පෙර හමු වී ඇත්තේ තවත් එකක් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි