×

මැක්‍රෝන්ට ගෙදර යන්න කියමින් කෝපයට පත් ප්‍රංශ ගොවීන් පැරිස් කෘෂිකාර්මික පොළට කඩා වදියි

එක් විරෝධතාකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හොඳ ආදායමක් සහ අඩු නිලධාරිවාදයක් හා ලාභ ලබන ආයනනික භාණ්ඩ අතර අසාධාරණ තරඟකාරිත්වය හෙලා දකිමින් බැනර් සහ ධජ රැගත් ගොවියන් පැරිස් හි කෘෂිකාර්මික පොළට කඩා වැදී එමානුවෙල් මැක්‍රෝන්ට ඉල්ලා අස්වන ලෙස සිය විරෝධතා දක්වා ඇති බව වාර්තා වේ.

පැරිස් ගොවිපල ප්‍රදර්ශනය ප්‍රංශයේ ප්‍රධාන උත්සවයක් වන අතර දින නවයක් පුරාවට 600,000 නරඹන්නන් ප්‍රමාණයක් පැමිනෙන අතර ප්‍රංශ CRS කැරලි මර්දන පොලිසි තත්වය පාලනය කිරීමට සමත් වූ අතර එක් විරෝධතාකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගොවීන්, ආහාර සැකසුම්කරුවන් සහ සිල්ලර වෙළෙන්දන් සමඟ සෙනසුරාදා පැවැත්වීමට අවශ්‍ය වූ විවාදයක් ගොවි සංගම් නොපැමිණෙන බව පැවසීමෙන් මැක්‍රෝන් අවලංගු කර දැමු අතර ප්‍රංශ ගොවීන් මේ මස මුලදී මහාමාර්ග අවහිර කිරීම සහ පොදු ගොඩනැගිලි ඉදිරිපිට පොහොර දැමීම ඇතුළු විරෝධතාවල නිරත විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි