×

යකඩ ගැහැණිය අරුන්දතී රෝයි මේ කථාකරන්නේ අපේ කාලයේ ජාතිවාදී පාලකයින්ටය…කොරෝනා වෛරසයේ ද.ආසියානු අනුවාදය ගැනය..

පුරවැසිභාවය ප්‍රශ්නයට ලක් වූ පසු, සියල්ල ප්‍රශ්නාර්ථයක් වේ - ඔබේ දරුවන්ගේ අයිතිවාසිකම්, ඔබේ ඡන්ද අයිතිය, ඔබේ ඉඩම් අයිතිවාසිකම් සියල්ලක්ම.


ඉන්දියාවේ අගනගරය දිල්ලිය ගිනි තබා ඇත. පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් ඝාතනය වී ඇත.. ඒ හින්දු ජාතිවාදී පාලකයින් ගේ අනුදැනුම පරිදිය… ඒ ගින්න මුළු මහත් කලාපය පුරා අඩු වැඩි වශයෙන් පැතිර යමින් තිබේ.. සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි පසු ගියදා දිල්ලි නගරයේ උද්ගත වෙමින් පවතින තත්ත්වය පිළිබදව  දිල්ලියේදී සිදු කළ කථාවේ සිංහළ පරිවර්ථනය.

අද අප රැස්ව සිටින මෙම ස්ථානයට කෙටි දුරක් ගිය තැන . මීට දින 4කට පෙර පාලක පක්ෂයේ සාමාජිකයින් විසින් උසි ගැන්වූ  ෆැසිස්ට් මැර පිරිසක් විසින්  .. පොලිස් භටයින් … ඒ වටා සිටි සියළු ඉලෙක්ට්‍රෝණික මාධ්‍ය වල සහයද සමග අධිකරණය විසින් කිසිවක් නොකරාවි යන විශ්වාසය නිසා ලද සැනසීමෙන් එල්ල කළ මිනී මරු ප්‍රහාරයන් නිසා පීඩාවට පත් වූ ඊිසාන දින දිල්ලියේ කම්කරු පන්තියට අයත් මුස්ලිම් වරුන් ශෝකයෙන් පිරීගිය තැනකි.

ප්‍රහාරය ගැන තිබුණූ පෙරමං සළකුණූ නිසාම මිනිසුන්ට තරමක් ඒ සදහා සූදානම් වන්නටත් ආරක්ෂා වන්නටත් අවස්ථාව හිමි විය. නමුත් වෙළඳපළ, සාප්පු,නිවාස , මුස්ලිම් පල්ලි සහ වාහන ගිනිබත් කරනු ලැබ ඇත.විදි පුරා ගල් හා තවත් සුන් බුන් වලින් පිරී ඇත.. තුවාල ලැබුවන් හා මිය ගිය,මිය යමින් සිටින අයගෙන් රෝහල පිරී ඇත. මෘත ශරීරාගාර පොලිස් නිළධාරීන් , තරුණයන්, මෙන්ම මුස්ලිම් සහ හින්දු යන සියල්ලන්ගේම සිරුරු වලින් පිරී ඇත.

ඔවු! මෙම සිදුවීම් විසින් දෙපාර්ශවයටම අදාළ මිනිසුන් තුළ බිහිසුණු මිලේඡ්ඡත්වයට මෙන්ම ඇදහාය නොහැකි තරම් ධෛර්යට හා කරුණාවටද ඉඩක් ඇති බව පෙන්වා දී ඇත.

කෙසේ වුවත් … සමානාත්මතාවයක් නම් මෙහි දැකිය නොහැකිය… ”ජය ශ්‍රී රාම්” යනුවෙන් හඬ නගන ලුම්පන් මැරයන් හා ආයුධ පිටුපස සිටින නිරුවත් ෆැසිස්ට් රාජ්‍ය විසින් මෙය අරඹන ලද බව වන සාධක මේ කිසිවක් විසින් වෙනස් නොකරයි.

සටන් පාඨ මෙසේ වුවද, හින්දු හා මුස්ලිම් කැරැල්ලක් ලෙස සිදුවීම් ලේබල් වුවද මිනිසුන්ගේ කැමැත්ත එය නොවේ. එය ෆැසිස්ට් වාදීන් සහ ෆැසිස්ට් විරෝධීන් අතර අඛණ්ඩව සිදුවන ගැටුමේ ප්‍රකාශනයකි. ෆැසිස්ට්වාදීන්ගේ සතුරන් අතර මුස්ලිම්වරුන් යනු පළමු පෙළේ සතුරෙකි.

ඔවුන් එය දංගා නමින් නැත්නම් වම එදිරිව දකුණ විසින් මෙහෙයවන හෝ දකුණ එදිරිව වම විසින් මෙහෙයවන කැරැල්ලක් ලෙස හැසින්වීම භයානක කරුණක් මෙන්ම අපැහැදිලි වූවකි.

පොලිසිය ඉදිරියේ තබා ගෙන ගිනි තැබීම් සිදු කරන අයුරු සටහන් වූ වීඩියෝ පඨ අපි දුටුවෙමු… පසුගිය දෙසැම්බර් 15 වන දින ඔවුන් විසින් ජාමියා මිලා ඉස්ලාමිය විශ්ව විද්‍යාලය ගිනි තබා විනාශ කරන විට ඒ අසල සී සී ටී වී කැමරා විනාශ කළ ආකාරයේ ක්‍රියා අපි දුටුවෙමු.

තුවාල ලැබූ මුස්ලිම් වරුන් එකි නෙකාට විරුද්ධ දිශාවට නිදි කරවා ඔවුන්ට පහරදෙන ආකාරයත්… ඔවුන්ට ජාතික ගීය ගයන්නට බල කරන ආකාරයත් අපි දුටුවෙමු… ඒ අය අතරේ සිටි එක් තරුණයෙක් මිය ගිය වග අපි දුටුවෙමු. මෙසේ මිය ගිය සියල්ලන්,තුවාල ලැබූ සියල්ලන්, මුස්ලිම් වරුන් මෙන්ම හින්දූන් ඒ සියල්ලන්ම ජනාධිපති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් හින්දු පාලනයේ ගොදුරුය. ඒ අපේ ෆැසිස්ට් අගමැතිවරයා මීට වසර 18කට පෙර සිදුවූ විශාල ප්‍රමාණයේ සමූල ඝාතනයට වඩා විනාශයක් සිදු වෙමින් පවතිද්දී සුපුරුදු රාජ්‍ය කටයුතු වල නිරත වෙමින් සිටීම පුදුමයක් නොවේ..

මෙම විශේෂිත ගැටුමේ ව්‍යුහය පිළිබද සත්‍ය ඉදිරිපත් කිරීමට තවත් වසර ගණනාවත් ගත වනු ඇත. නමුත් එය හුදු තොරතුරු ඇතුලත් ඓතිහාසික වාර්ථාවක් පමණක් වනු ඇත. මක්නිසාද යත් සමාජ මාධ්‍ය පුරා පැතිරී ඇති ද්වේශ සහගත කටකතා මත පදනම් වූ රැළි භාහිර ලෝකයේ පිරිස් එඩිතර කර ඇති අතර අපට දැනටමත් රුධිරයට ඉව අල්ලන මිනිසුන්ගේ නැගිටීම දැකිය හැකිය.

උතුරු දිල්ලියේ තවත් ඝාතන සිදු නොවී ඇතත් පසුගිය 29 වන දා වන විට මැර පිරිසක් විසින් ප්‍රහාරයන්ට තුඩු දෙන අයුරේ සටන් පාඨයක් වන
“Desh ke Gaddaron ko, Goli maaron saalon ko.” දේශද්‍රොහී නරුමයන් මරා දමමු ” මුමුණන්ට පටන්ගෙන ඇත.

මෙම සටන් පාඨයම පසුගියදා බීජේපී පක්ෂයේ හිටපු මන්ත්‍රී අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ සටන්පාඨය ලෙස  යොදා ගැනීම පිළිබදව දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා විසින් දිල්ලි පොලිසිය ට සිය විරෝධය පල කලේය. එහි ප්‍රථිපලය වූයේ විනිසුරුවරයාට දිල්ලිය හැර පන්ජාබ් මහාධිකරණයේ විනිසුරුවරයා බවට පත්වීමට මධ්‍යම රාත්‍රියේදී නියෝගයක් නිකුත් වීමයි.

කපිල් මිශ්‍රා නැවතත් හඑ සඨන්පාඨය සමග පාරට බැස ඇත. තව දුරටත් දැනුම් දෙන තුරු ඔහු මෙය භාවිත කරනු ඇත.

මෙසේ විනිසුරුවරයන් සමග ක්‍රීඩා කිරීමත් විනෝද වීමත් අද ඊයේක සිදු වන්නක් නොවේ එය ඉතිහාසය පුරාම සිදුවෙමින් පවතින්නකි.. 2002 දී ගුජරාටයේ නාරෝඩා පටියා හි මුස්ලිම්වරුන් 96 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ බාබු බජ්‍රංගිගේ කතාව අපට අමතක වන්නට ඇත. යූ ටියුබ්හි ඔහුගේ කථාවට ඇහුම්කන් දෙන්න: විනිසුරුවන් “පාලනය කිරීම” නිසා “නරේන්ද්‍ර බායි” ඔහුව සිරෙන් නිදහස් කළේ කෙසේදැයි ඔහු ඔබට කියනු ඇත.

මැතිවරණයට පෙර මෙවැනි සංහාරයක් අපේක්ෂා කළ යුතු බව දැන් අපි ඉගෙන ගෙන ඇත්තෙමු. ඡන්ද එකතු කිරීමටත් ජයග්‍රහණයනුත් උදෙසා සිදු වන එක්තරා ආකාරයක ම්ලේච්ඡ මැතිවරණ ප්‍රචාරණයක් බවට අද එය පත්ව ඇත. දිල්ලි ඝාතනයන් සිදු වූයේ මැතිවරණයට දින කිහිපයකට පසුවය.එව දිල්ලියට වේදනාවක් වුවත් එළැඹෙන බිහාර් හී මැතිවරණයට නිවේදනයක් ද වෙයි.

සියල්ල වාර්ථා ගතය..කපිල් මිශ්‍රා, පර්වේෂ් වර්මා, මධ්‍යම අමාත්‍ය අනුරග් තාකූර්, යූපී මහ ඇමති යෝගී ආදිත්‍යනාත්, ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකෝපකාරී කතා ද සියල්ලන්ටම දැක බලා ගැනීමට සහ ඇසීමට හැකි වේ.

එහෙත් සියල්ල උඩු යටිකුරු කර ඇත. එය අපට දැකිය හැක. එනමුත් සැබවින්ම ඉතා සාමකාමී ලෙස විශේෂයෙන්ම ගැහැණුන් වැඩි පිරිසක් දින 75කට ආසන්න කාලයක් වීදි බැස සිටින මුස්ලිම් විරෝධතාකරුවන් සිදු කළ පුරවැසි සංශෝදන පනතට එරෙහි විරෝධතාව මුළූ ඉන්දියාවම ගොදුරු කර ගෙන ඇත.

නිර්දය ව්‍යවස්ථා විරෝධී .. මෙන්ම මුස්ලිම් විරෝධී… ජාතික ජනගහන ලේඛනය හා පුරවැසියන්ගේ ජාතික ලේඛනය සමග එක්ව මුස්ලිම් වරුන් පමණක් නොව අවශ්‍ය ලිය කියවිලි නොමැති මිලියන ගණනක් ඉන්දියානුවන්ට එරෙහි පුරවැසි පනත දේශ ද්‍රෝහීන් මරා දැමිය යුතු බවට සටන් පාඨ කියන්නන්ට අපරාධ කිරීමට අස්ථාවරත්වයට බලය ලබා දෙමින් සිටී.

පුරවැසිභාවය ප්‍රශ්නයට ලක් වූ පසු, සියල්ල ප්‍රශ්නාර්ථයක් වේ – ඔබේ දරුවන්ගේ අයිතිවාසිකම්, ඔබේ ඡන්ද අයිතිය, ඔබේ ඉඩම් අයිතිවාසිකම් සියල්ලක්ම.

හැනා අරෙන්ඩ්ට් පැවසූ පරිදි, “පුරවැසිභාවය මඟින් ඔබට අයිතිවාසිකම් ලබා ගැනීමේ අයිතිය ලබා දේ.”

කිසිවෙකු හෝ සිතනවානම් එය එසේ නොවේ යැයි කියා කරුණාකර ඔබේ අවධානය ඇසෑම් වෙත යොමු කර ලක්ෂ විස්සකට සිදුවී ඇති දේ බලන්න – හින්දු, මුස්ලිම්, දලිත්, ආදිවාසීන්. මේගාලය ප්‍රාන්තයේ දේශීය ගෝත්‍රිකයන් සහ ගෝත්‍රික නොවන ජනතාව අතර දැන් කරදර ආරම්භ වී තිබේ. ෂිලොන්ග් හි ඇඳිරි නීතිය තිබේ. රාජ්‍ය දේශසීමා දේශීය නොවන අයට වසා ඇත.

මෙම පනත් (එන්පීආර්-එන්ආර්සී-සීඒඒ )හි එකම අරමුණ වන්නේ ඉන්දියාවේ පමණක් නොව සමස්ත උප මහද්වීපය පුරාම ජනතාව අස්ථාවර කිරීම හා බෙදීමයි. සැබවින්ම එවැන්නන් සිටීනම් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් රැඳවුම් මධ්‍යස්ථානවල තබා ගත නොහැකි අතර පිටුවහල් කළ නොහැකි බංග්ලාදේශයේ ”මයිටාවන් ” ලෙස හදුන්වන මෙම අත්භූථ මිනිසුන් යන වචන භාවිත කිරීමෙන් සහ හාස්‍යජනක මෙන්ම දුෂ්ඨ යෝජනාවන් ගැන සිතීමෙන් මෙම රජය ඇත්ත වශයෙන්ම බංග්ලාදේශයේ, පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ වෙසෙන මිලියන සංඛ්‍යාත හින්දු භක්තිකයින්ට අනතුරක් කරයි.

නමුත් නවදිල්ලියෙන් මතුවන මෙම මහාවාදයේ පසුබෑමෙන් විදවිය හැක්කේ කාටද?

මෙහි අවසානය අපි දකින්නේ කොහේද?

1947 දී අපගේ වර්තමාන පාලකයින් හැර අන් සියල්ලන්ම පාහේ සටන් කළ යටත් විජිත පාලනයෙන් අපි නිදහස ලබා ගත්තෙමු. එතැන් සිට සියලු ආකාරයේ සමාජ ව්‍යාපාර, කුල විරෝධී අරගල, ධනේශ්වර විරෝධී අරගල, ස්ත්‍රීවාදී අරගල මේ දක්වා අපගේ ගමන සනිටුහන් කර තිබේ.

ධනය යලි බෙදාහැරීම සහ පාලක පන්තිය පෙරලා දැමීම සඳහා 1960 ගණන්වල විප්ලවය සඳහා වූ කැඳවීම යුක්තිය සඳහා වූ ඉල්ලීමක් විය. 1990 වන විට තමන්ගේම ගොවි බිම් හා ගම් බිම් අහිමි වීමට එරෙහි වීම් අවම වූ අතර මිලියන 1,200 ක ජනතාවක් සඳහා වන වාර්ෂික අයවැය ප්‍රතිපාදනවලට වඩා ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින් 63 දෙනෙකුට වැඩි ධනයක් ඇති නව ඉන්දියාවක් ගොඩනැගීමේ ඇපකරුවන් බවට පත් විය.

මේ රට ගොඩනැඟීමට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින්ගෙන් පුරවැසියන් වශයෙන් අපගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම දක්වා දැන් අපි පහත වැටී සිටිමු.අප ආයාචනා කරන විට, රජය ආරක්ෂාව ඉල්ලා අස්කර ගන්නා ආකාරය අපි බලා සිටිමු. පොලිසිය ජාතිවාදී වීම අපි බලා සිටිමු. අධිකරණය සිය රාජකාරිය ක්‍රමයෙන් අත්හරින ආකාරය අපි බලා සිටිමු.

ව්‍යවස්ථා විරෝධීව ජම්මු හා කාශ්මීරය විශේෂ තත්වය ඉවත් කර ගත වන 210 වන දිනය අදයි.හිටපු මහඇමතිවරුන් තිදෙනෙකු ඇතුළු කාශ්මීර වැසියන් දහස් ගණනක් දිගටම සිරගතව සිටිති.මිලියන 7 ක ජනතාවක් ජීවත් වන්නේ අතථ්‍ය තොරතුරු වටලෑමකිනි. මෙය මානව හිමිකම් සමූහ වශයෙන් උල්ලංඝනය කිරීමේ නව ව්‍යායාමයකි. පෙබරවාරි 26 වන දින දිල්ලියේ වීදි ශ්‍රීනගර් හී වීදි මෙන් විය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පාලනය නොවන ප්‍රජාතන්ත්‍රිකයකට යම් දිනක බහුතර රාජ්‍යයක් බවට පත් විය හැකිය. ඔබට සමස්තයක් වශයෙන් හෝ අර්ධ වශයෙන් ව්‍යවස්ථාවක් සමඟ එකඟ වීමට හෝ එකඟ නොවීමට හැකිය – නමුත් මෙම රජය කරන ආකාරයට එවැන්නත් නොපවතින ලෙස ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම බිඳ දැමීමකි සමහර විට මෙය අරමුණ විය හැකිය. මෙය කෙරෝනා වෛරසයේ ඉන්දීය අනුවාදයයි. අපි අසනීප වී සිටිමු.

දිගන්තයෙනම් කිසිදු උදවුවක් නැත… යහපත් අර්ථයෙන් ගත් කළ උදවුවට කිසිදු විදෙස් රටක් නැත..එක්සත් ජාතීන්ද නැත…මැතිවරණ ජයග්‍රහණය කිරීමට අදහස් කරන කිසිදු දේශපාලන පක්ෂයකට සදාචාරාත්මක ස්ථාවරයක් ගැනීමට හැකියාවක් නැත. සියළු නාලයන්හී පවතින්නේ ගින්දර නිසා සමස්ථ පද්ධතියම අසාර්ථක වී ඇත.

අපට අවශ්‍ය පුද්ගලයන් වන්නේ ජනප්‍රිය වීමට අවශ්‍ය පුද්ගලයන්ය. තමුන්ව අනතුරේ හෙළීමට සූදානම් පුද්ගලයන්ය.. ඇත්ත කියන්න සූදානම් වූ පුද්ගලයන්ය.. නිර්භීත ජනමාධ්‍ය වේදීන්ට එය කළ හැකිය …ඔවුන් එය සිදු කර ඇත… නිර්භීත නීතිවේදීන්ට… නිර්භීත ලේඛකයින්ට…කවියන්..සිත්තරුන්.. චිත්‍රපට නිශ්පාදකයින්.. ඔවුන්ට එය කළ හැකිය.. අපේ පාර්ශවයේ ඒ සුන්දරත්වය ඇත. සියල්ලම ඇත .. කරන්නට අපට වැඩ ඇත.. එමෙන්ම දිනන්නට ලෝකයක්ද අපට ඇත..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි