අප කිසිවෙකුත් බොහො විට විශ්වාස නොකළද ආකාශ වස්තුවක් කඩා වැටීමෙන් පෘථිවියට බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් බොහෝ රාජ්‍යයන් සංඛ්‍යාවක් අහිමි වීමට නියමිත බව හිටපු ඇමරිකානු ජනපති උපදේශක වරයෙක් මෙන්ම නාසා ආයතනයේ උපදේශකවරයෙක් වන ඩග්ලස් මැක්කිනොන් විසින් ආවැකියක් පල කර තිබේ. හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් වන රොනල්ඩ් රේගන් ගේ උපදේශකවරයා ලෙස කටයුතු කළ ඔහු පවසන්නේ ලෝක නායකයන් එක්ව මේ සදහා පියවරයක් නොගතෙහොත් මුළු මහත් පෘථිවියම හෝ රාජ්‍ය්‍යන් කිහිපයක් මුළු මුණින්ම විනාශ වී යා හැකි බවයි.
ඔහු පවසන්නේ මෙතෙක් පෘථිවිය මෙම ඛේදවාචකයට තවමත් මුහුණ නොදුන්නේ වාසනාව නිසා පමණක් බවත් එය තව දුරටත් එලෙස නොපවතිනු ඇති බවත්ය. city killer නම් සුරතල් නමින් යුත් 2019 OK ග්‍රාහකය පසුගිය ජූලි මස පෘථිවියට සැතපුම් 40000ක් දුරින් පතිත විය.
එහි අර්ථය වන්නේ සැබවින්ම සුළු ප්‍රමාණයක හෝ වෙනසකින් ලෝකය විනාශ වන්නට තිබූ බව නොවේද? එම ග්‍රාහකය පෘථිවියට පතිත වූවානම් ඇමරිකාවට අයත් ඩෙලවෙයාර් ප්‍රාන්තය තරම් භූමි ප්‍රමාණයක් විනාශ වන්නට ඉඩ තිබිණි.
මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් ඔහු පවසන්නේ ලෝක නායකයන්ගේ සාමූහික අසමත් කම් වලට පින්සිදු වන්නට මෙවැනි ඛේදවාචකයකින් ලෝවැසියන්ට බේරී සිටීමට ඇති එකම ක්‍රමය වාසනාව පමණක් බවයි.
මෙම කරුණ සම්බන්ධව ලෝකයේ සෑම නායකයෙකුගේම ඇස් බලය හෝ මිනිසුන් පාලනය කිරීමේ ආශව විසින් වැසී යා ඇතත්. අනිවාර්යෙන්ම මෙම ඛේදවාචකය අප හමුවේ ඇති බව ඔහු පවසයි.
පසුගිය ජූලි මාසයේ පතිත වූ 2019 OK ග්‍රාහකය පෘථිවියට ආසන්න වන තුරුම එය හදුනාගැනීමට විද්‍යාඥයින් අසමත් වී ඇති බව ඔහු පවසයි. ඔහුට අනුව නාසා ආයතනය සතුව අඩි 500ට අඩු නොපෙනී ගිය ග්‍රාහන සම්බන්ධව වාර්ථා පවතී. මේවායින් එකක් පෘථිවියෙන් කුඩා රටක් හෝ කලාපයක් අතුගා දමනු ඇති අතර මිලියන ගණනක් පුද්ගලයින්ය ජීවිත අහිමි වනු ඇති බව හිටපු ජනපති උපදේශකවරයා පවසයි.
ඔහු පවසන්නේ මේ සම්බන්ධව ඇමරිකානු ජනපති වරයා ඇතුලූ සියලු නායකයන් ඉක්මන් අවධානය යොමු නොකළහොත් විසදුමක් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
පළමුවත් මූලිකවත් පෘථවියට පතිත වන ග්‍රාහක වෙනත් අතකට යොමු කිරීමේ මගක් සදහා එකගත්වයකට පැමිණිය යුතු බව ඔහු පවසයි. එසේ නොවුනහොත් මුළු මහත් මිනිස් සංහතියම සිටින්නේ භයානක අවධානමක බවද ඔහු පවසයි.