×

චීනයේ නැන්ජිං හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් 15දෙනෙකු මිය යයි

ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරිම ජනතාවගේ කෝපය අවුළුවා ඇත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර චීනයේ නැන්ජිං හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ අලුයම 6ත පමක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 25ක් පමණ යොදවා තිබු අතර සෝදිසි කිරීම් හා මුදා ගැනීම් සවස 2 පමණ වන විට අවසන් වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ,

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරිම ජනතාවගේ කෝපය අවුළුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි