×

රුසියාවේ වැඩිහිටි රැකවරණ නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු මරුට

ගින්නෙන් පසු මේ ආකාරයේ සියලුම ආයතන පරීක්ෂා කළ යුතු බව කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා ඇති බව, රුසියාවේ Tass ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.


මොස්කව් අගනුවරට නැගෙනහිරින් කෙමරෝවෝ හි වැඩිහිටි රැකවරණය පිණිස ක්‍රියාත්මක වූ දෙමහල් ලී නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 22නෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු හදිසි සේවා වාර්තා කෙර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර ගින්නෙන් ගොඩනැගිල්ලේ දෙවන මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙය වැඩිහිටි නිවාසයක් ලෙස ක්‍රියාත්මක වුවද, එය ලියාපදිංචි නොකල ආයතනයක් වශයෙන් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය RIA Novosti සහ ගිනි ආරක්ෂණ නිලධාරීන් වාර්තා කර තිබේ.

රුසියාවේ වැඩිහිටියන් සඳහා එරකවරණය සලසන බොහෝ නිවාස රුසියාව පුරා ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර ඒවා නිල වශයෙන් පුද්ගලික දේපලක් ලෙස සලකනු ලැබේ. නමුත් ගින්නෙන් පසු මේ ආකාරයේ සියලුම ආයතන පරීක්ෂා කළ යුතු බව කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා ඇති බව, රුසියාවේ Tass ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි