×

ඉන්දියාවේ බස්රථ අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට

බස්රථයේ ඉන්දන ටැංකිය පුපුරා ගොස් තිබූ අතර බොහෝ මරණ සිදුවී තිබුණේ පිලිස්සීම හේතුවෙනි.


ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයක අද(01)අලුයම ගමන් ගනිමින් තිබූ බස්රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය ප්‍රාදේශීය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, නාග්පූර් සිට පූනේ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ ටයර් පුපුරා යාම හේතුවෙන් බස් රථය පාලනයෙන් තොරව ගොස් මෙම අනතුර සිදු වූ බවයි. බස්රථයේ ඉන්දන ටැංකිය පුපුරා ගොස් තිබූ අතර බොහෝ මරණ සිදුවී තිබුණේ පිලිස්සීම හේතුවෙනි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමති එක්නාත් ෂින්ඩේ සහ අගමැති නරේන්ද්‍ර මෝදි අනතුර සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරමින් ටුවිටර් පණිවුඩ යොමුකර තිබූ අතර, ඔවුන් එක් එක් වින්දිතයාගේ පවුලට ඉන්දියානු රුපියල් 700,000 (ඩොලර් 8,500) ආධාර කරන බවට ද සඳහන් කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි