×

බංග්ලාදේශයේ ඩකා අගනුවර ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 43 දෙනකු මිය යයි

ගිනි නිවන භටයින් පැය දෙකක කාලයක් තුළ ගින්න පාලනය කර 75 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංගලිදේශයේ ඩකා අගනුවර ඉහළ වෙළෙඳ පොළක මහල් හතකින් යුත් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 43 මියගොස් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ගින්න ජනප්‍රිය බුරියානි අවන්හලකින් හටගෙන ඇති අතර එය ඉහල මාලය දක්වා ඉක්මනින් පැතිර ගොස් ඇති අතර ගිනි නිවන භටයින් පැය දෙකක කාලයක් තුළ ගින්න පාලනය කර 75 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.

ආරක්‍ෂක නීති රීති ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් බංගලාදේශයේ මහල් ගොඩනැගිලි සහ කර්මාන්තශාලා සංකීර්ණ ගිනි ගැනීම් බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි