×

පාකිස්ථානයට බලපෑ ගංවතුර හේතුවෙන් 50 දෙනෙකු මරුට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී රටපුරා වැඩි වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති අතර පන්ජාබ්හි විශාලතම ගංගාවල ජල පෝෂක ප්‍රදේශ වල ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.


පසුගිය මාසයේ සිට පකිස්ථානයට ඇද හැලෙන මෝසම් වර්ෂා නිසා ඇති වූ ගංවතුර හා නායයෑම් තත්වයන් හේතුවෙන් ළමුන් අට දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව පාකිස්ථානු රජය තහවුරු කර තිබේ.

ලෝකයේ පස්වන විශාලතම ජනගහනය සිටින පකිස්ථානයේ බොහෝ මරණ නැගෙනහිර පන්ජාබ් පළාතේ සිදු වූ අතර ප්‍රධාන වශයෙන් විදුලි සැර වැදීම සහ ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සිදුවූ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල දත්ත පෙන්වා දේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී රටපුරා වැඩි වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති අතර පන්ජාබ්හි විශාලතම ගංගාවල ජල පෝෂක ප්‍රදේශ වල ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. පළාතේ ආපදා කළමනාකරණ අධිකාරිය අද(07)දිනයේදී ප්‍රකාශ කර තිබුණේ ජල මාර්ග ආශ්‍රිතව ජීවත් වන ජනතාව වෙනත් ස්ථානයකට ගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි.

විද්‍යාඥයින් පවසා ඇත්තේ දේශගුණික අර්බුදය හේතුවෙන් සෘතුමය වර්ෂාපතනය දැඩි වන අතර එහි බලපෑම අනපේක්ෂිත බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි