×

විවහා සහතිකයේ කන්‍යාවියක්ද යන්න සඳහන් කිරීම ඉදිරියේදී අවශ්‍ය නැහැ – බංගලිදේශයේ අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

මින් ඉදිරියට මනමාලයා විසින්ද තමන් වැන්දඹු පිරිමියෙක්ද හෝ දික්කසාද වූ අයෙක්ද යන්න සදහන් කළ යුතුය


බංගලිදේශයේ අධිකරණය විසින් ඊයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙනු ලැබීය. ඒ විවාහය ලියාපදිංචි කිරීමේදී  තමන් කන්‍යාවියක්ද යන්න පිළිබදව එහි සදහන් කිරීම කාන්තාවන්ට මින් පසු අවශ්‍ය නැති බවයි.

බංගලිදේශයේ ඉහළ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

අධිකරණය පවසා සිටියේ කානිතාවක් තමන් කන්‍යාවියක්ද නැද්ද යන්න වග විවාහ සහතිකයේ සදහන් කළ යුතු වීම ඇයව වෙනස් කොට සැළකීමක් බවයි.

දකුණු ආසියාතික රටවල් සියල්කම පාහෝ මුස්ලිම් විවාහ නීතිය යටතේ මෙසේ තමන් කණ්‍යාවියක්ද නැද්ද යන්න වග විවාහ සහතිකයේ සදහන් කිරීම සදහා විධි විධාන පැවතින.

එහිදී ඇය කන්‍යාවියක්ද( කුමරියක්ද) , වැනිදඹුවක්ද? හා දික්කසාදවූ අයෙක්ද යන තෝරා ගැනම් වලින් එකක් සටහන් කළ යුතුව ඇත.

බංගලිදේශයේ අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව මින් පසු කන්‍යාවියක්ද යන ප්‍රංශනයට පිළිතුරු සැපයීමට අවශ්‍ය නොවන අතර වැන්දඹුවක්ද/ දික්කසාද වූ අයෙක්ද යන්න පිළිබදව පමණක් සදහන් කළ යුතු වෙයි.

එමෙන්ම මින් ඉදිරියට මනමාලයා විසින්ද තමන් වැන්දඹු පිරිමියෙක්ද හෝ දික්කසාද වූ අයෙක්ද යන්න සදහන් කිරීම සිදු කළ යුතු බවට බංග්ලාදේශ අධිකරණය විසින් තීන්දු කෙරිණි. මින් පෙර මනාලයා විසින් එසේ සදහන් කළ යුතුව නොතිබිණි.

කාලයක් තිස්සේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් මෙම වෙනස අවශ්‍ය බවත් විවාහ සහතිකය නිකුත් කරන දිනයේ සිටම ඇයව වෙනස්කොට සැළකීම මින් ගම්‍යමාන වන බවටත් විරෝධතා පළ කරන ලදී.

එමෙන්ම මෙවැනි සදහන් කිරීමක් තිබීමෙන් කාන්තාවකගේ පෞද්ගලිකත්වය සදහා වන අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද එමගින් සිදුව තිබෙන බව ඒ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් හා සංවිධාන විසින් චෝදනා කරන ලදී.

නව නීතිය හදුන්වා දීමත් සමග බංග්ලාදේශ කාන්තාවන් සිය ස්තූතිය සහ ප්‍රශංසාව අධිකරණය වෙත ලබා දුන් අතර මින් ඉදිරියට තරුණියකගේ විවාහ ලියාපදිංචියකදී ඇය කන්‍යාවියක්ද නැතිද යන්න ඇගෙන් ඇසීම නොකළ යුතු වීම සතුටට කරුණක් යැයි රජයේ විවාහ ලියාපදිංචි රෙජිස්ට්‍රාර් වරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටී.

විශේෂයෙන්ම මුස්ලිම් නීතිය යටතේ කනේතාවක විවාහ වන විට තිබූ මෙම තත්ත්වය වෙනස් වීමේ ප්‍රවණතාවක් අද විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින් බහුතරයක් සිටින රටවල් තුලින්ම ඉස්මතු වීම ප්‍රශංසනීය වන්නේය. මීට පෙර ඉන්දීය අධිකරණය විසින්ද මුස්ලිම් විවාහ නීතියේ එක් කරුණක් සංශෝධනය කළ අතර එහිදී ස්වාමි පුරුෂයාගේ කැමැත්තට තෙවරක් තලාක් යන වචනය කීමෙන් පසුව බිරිදව දික්කසාද කිරීමේ ඔහුට ලබා දී තිබූ අයිතිය අහෝසි කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි